ලෝකයේ වඩාත් ජනප්‍රිය YouTube නාලිකාව ලෙස ජේම්ස් ස්ටීවන් ඩොනල්ඩ්සන්ගේ MrBeast නාලිකාව නව සීමාවක් පිහිටුවා තිබේ. ඔහුගේ නාලිකාව ග්‍රාහකයින් මිලියන 400 ඉක්මවා ගිය පළමු හා එකම YouTube නාලිකාව බවට පත්වේ.2012 වසරේ ආරම්භ වූ MrBeast නාලිකාවට හිමිකම් කියන 27 හැවිරිදි ඇමරිකානු ජාතික ඩොනල්ඩ්සන්, YouTube අවකාශයේ සිදු කළ නිර්මාණ ඉතාම ජනප්‍රිය වූ නිසාවෙන් ඔහුට මේ සාර්ථකත්වය හිමි වී ඇත. ඔහුට මෙම සීමාව පසුකිරීම වෙනුවෙන් YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් විසින් විශේෂ Play Button සම්මානයක්ද සකසා ඇත.
MrBeast නාලිකාවෙහි ඉතිහාසය මෙසේ සටහන් වේ:
2016: ග්‍රාහකයින් 100,000 පසුකරයි
2017: මිලියන 1 සම්පූර්ණ කරයි
2018: මිලියන 10 සීමාව පසුකරයි
2021: මිලියන 50 සීමාව පසුකරයි
2022: මිලියන 100 සීමාවට ළඟාවෙයි
2025: මිලියන 400 සීමාවද පසුකරයි
මෙවැනි වේගවත් වර්ධනයක් ලොව කිසිදු නිර්මාණයකට හිමි වී නොමැත. මේ වන විට MrBeast නාලිකාවේ වීඩියෝ 888කට වැඩි ප්‍රමාණයක් පළ වී ඇති අතර, සමස්ත නැරඹුම් වාර සංඛ්‍යාව බිලියන 91 ඉක්මවා ගොස් ඇත.ඒ අනුව MrBeast නාලිකාව වාර්තා බිඳ හෙලමින් සමාජ මාධ්‍ය ඉතිහාසයේ නව පියවරක් සනිටුහන් කරයි.
Image credit goes to: https://www.instagram.com/p/DMuFjbjt9kt/