Donald Trump ගේ තීරුබදු සම්බන්ධයෙන් Jim Chalmers නව පහරක් එල්ල කර ඇති අතර, එක්සත් ජනපදයේ ඉහළ උද්ධමනය සඳහා ඔවුන්ට දොස් පවරනවා.
බදාදා නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කළේ ජුනි කාර්තුව සඳහා වාර්ෂික උද්ධමන අනුපාතය 2.1% දක්වා පහත වැටී ඇති බවයි. එය 2021 න් පසු අඩුම අනුපාතයයි. මෙම ප්‍රතිඵලය මඟින් ලබන මාසයේ සංචිත බැංකුව විසින් පොලී අනුපාත අඩු කරන බවට සහතික වී ඇත.
Jim Chalmers පවසා සිටින්නේ ගෝලීය ආර්ථිකය අවිනිශ්චිතව තිබියදීත් උද්ධමනයේ ප්‍රගතියක් ඇති වී තිබෙන බවයි. එම අවිනිශ්චිතතාවයෙන් වැඩි කොටසක් පැන නගින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු වලින් වන අතර, එය එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් තවදුරටත් ඉහළ නැංවීමට උත්සහ කරමින් සිටිනවා.
ඕස්ට්‍රේලියාවට ඉහළ baseline rate එකක් බලපානු ඇතැයි ඔබ අපේක්ෂා කරනවාද යන්න ABC විසින් විමසූ විට, චාමර්ස් මහතා පැවසුවේ ඇල්බේනියානු රජය ඕස්ට්‍රේලියාවට අය කර ඇති 10% ක මූලික අනුපාතයට වඩා වෙනස් දෙයක් පිළිබඳ තවමත් අසා නැති බවයි.
පැහැදිලිවම, මේ සම්බන්ධයෙන් ඇමරිකානුවන් සමඟ දිගටම කටයුතු කරන බවත් එය ගෝලීය ආර්ථිකයේ ක්‍රියාත්මක වන ප්‍රධාන ගැටළු වලින් එකක් බවත් ඔහු පැවසුවා.