ඔස්ට්‍රේලියාවට වෙනත් රටක සිට ඇතුළු වෙනකොට ගේන්න පුළුවන් දේවල්, බැරි දේවල්, විශේෂ අවසරයක් අවශ්‍ය දේවල් ගැන අපි කලින් articles වලින් කතා කළා. ඒ වගේම ගුවන් මගින් රටට ඇතුළු වෙනවනම් ඔයාට plane එකේ ගෙන එන්න පුළුවන් මොනවද සහ ඒ දේවල් වලට අදාළ විශේෂ නීති රීති ගැනත් අපි කලින් කතා කරලා තියෙනවා.
ඇතැම් භාණ්ඩ ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර නැහැ වගේම සමහර දේවල් සඳහා ඔබ එය ගෙන ඒමට පෙර, අවසරයක් ලබා ගත යුතු වෙනවා.
විදේශයන්ගෙන් ගෙන එන ඇතැම් ආහාර, ශාක ද්‍රව්‍ය සහ සත්ව අයිතම බරපතල පළිබෝධ සහ රෝග රට තුළට ගෙන එන්න පුළුවන්. අපගේ වටිනා කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්ත සහ අද්විතීය පරිසරය විනාශ කිරීමට ඒවා හේතු වෙන්න පුළුවන්. මේ වගේ ජෛව ආරක්ෂණ අවදානම් වලින් ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුව වගකීම ගෙන කටයුතු කරනවා.
ඔබ යම් යම් ආහාර, ශාක ද්‍රව්‍ය හෝ සත්ව අයිතම (food, plant material හෝ animal items) රැගෙන එනවා නම් ඔබ එය නිවැරදිව ප්‍රකාශ (declare) කළ යුතුයි. ඔබට මෙම ප්‍රකාශිත භාණ්ඩ ඔබ සමඟ clearance point එකට ගෙන යා හැකි අතර එහිදී ඒවා ජෛව ආරක්ෂණ නිලධාරියෙකු (biosecurity officer) විසින් පරීක්ෂා කර තක්සේරු කරනවා.
විකල්පයක් විදිහට, ජෛව ආරක්‍ෂණ පරීක්ෂාවට ලක් කිරීමට පෙර පර්යන්තයේ පිහිටා ඇති bins වලට ආහාර, ශාක ද්‍රව්‍ය හෝ සත්ව අයිතම ස්වේච්ඡාවෙන් බැහැර කරන්න පුළුවන්.ඔබ ඕස්ට්‍රේලියාවට ද්‍රව්‍ය තැපෑලෙන් යවන විට, postal declaration label එකේ ඔබේ පැකේජයේ අන්තර්ගතය නිවැරදිව සඳහන් කළ යුතුයි.
ඔයා මොකක් හරි item එකක් declare නොකලොත් මොකද වෙන්නේ?
ඔබ කිසිදු භාණ්ඩයක් declare නොකළත්, ජෛව ආරක්ෂණ නිලධාරියෙකුට ඔබේ ගමන් මලු පරීක්ෂා කරන්න හැකියාව තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා X-ray හෝ detector dog කෙනෙක් භාවිතා කරන්න පුළුවන්. පරීක්ෂා කිරීමට පෙර ජෛව ආරක්ෂණ අවදානමක් ඇති ඕනෑම භාණ්ඩයක් declare කිරීම හෝ dispose කිරීම කළ යුතුයි.
ඔබ ජෛව ආරක්ෂණ නිලධාරියෙකුට හෝ ඔබේ incoming passenger declaration එකේ, අසත්‍ය හෝ නොමඟ යවන තොරතුරු ලබා දෙන්නේ නම්, එහෙමත් නැත්නම්, භාණ්ඩ පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට හෝ ජෛව ආරක්ෂණ නිලධාරියෙකු විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, ඔබට;
- Infringement Notice එකක් නිකුත් කරනවා
- Civil Penalty Proceedings වලට යටත් වෙනවා, සහ/හෝ
- අපරාධ වරදක් සඳහා නඩු පවරනවා.
ඔබේ වීසා බලපත්‍රය ද අවලංගු කළ හැකි අතර, එවිට, ඔබ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප වෙනවා.
සමහර භාණ්ඩ ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර නොමැති වුණත්, ඔබ සියලුම භාණ්ඩ declare කර තිබෙනවා නම්, 2015 ජෛව ආරක්ෂණ පනත (Biosecurity Act 2015) යටතේ ඔබට දඬුවම් ලැබෙන්නේ නැහැ.
වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත link එකෙන් කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුවේ ඕස්ට්‍රේලියාවට භාණ්ඩ යැවීම සහ ගෙන ඒම පිළිබඳ දැක්වෙන web පිටුවට පිවිසෙන්න.
Travelling or sending goods to Australia: https://www.agriculture.gov.au/biosecurity-trade/travelling
එහෙමත් නැත්නම් 1800 900 090 අමතන්න. ඔබ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටිනවානම් +61 3 8318 6700 අංකයට අමතන්න.