ටිකක් අඩු budget එකකට groceries ගන්න කැමති කෙනෙක්ට වැදගත් වෙන දෙයක් තමයි මේ අද කියන්නේ. ඔයා student කෙනෙක්නම් හරි නැත්නම් අඩු budget එකකට ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක්නම් ඔයා ගන්න දේවල් වල price එක ඔයාට ගොඩක් වැදගත්.
සමහරවිට ඔයා supermarket එකකට ගිහින් groceries ගන්නකොට සමහර අඩු price වල දේවල් ඔයාට මග හැරෙන්නත් පුළුවන්. අද අපි කියන්නේ ඔයාට 0.9$ කටත් වඩා අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් දේවල් 5ක් ගැන.
අඩු මිලකට groceries ගන්න හොඳම තැනක්නේ ALDI Supermarket එක. ඉතින් අපි අද මේ කියන prices ඔක්කොම ALDI එකේ අද වෙනකොට තියෙන මිල ගණන්. ඔයා යන Supermarket එක හරි grocery store එක හරි අනුව මේ මිල ගණන් ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන් කියලත් මතක තියා ගන්න.
- Spaghetti in Tomato Sauce 420g (CORALE)
$0.89
ඔයාට meal prep කරන්න ලොකු වෙලාවක් නැත්නම් හරි අඩු ගාණකට ක්‍ෂණික කෑමක් ගන්නවානම් හරි Spaghetti in Tomato Sauce එක try කරලා බලන්න පුළුවන්. ඔයා tomato sauce රසට කැමති කෙනෙක්නම් මේකට ඔයා කැමති වෙයි. මේක toast එකක් සමග රස බලන්නත් පුළුවන්.
- Crème Biscuits 150g (BELMONT BISCUIT CO.)
$0.89
වැනිලා රසැති බිස්කට් 2ක් අතර sandwich කරපු ක්‍රීම් Biscuit packet එකක් ඔයාට ඉතා අඩු මුදලකට ගන්න පුළුවන්. මේකත් Custard සහ Chocolate වගේ රසවලින් තිබෙනවා.
- Spinach 250g (MARKET FARE)
$0.89
නිවිති කියන්නේ Vitamin A, C, K වගේ Vitamin වර්ග වලින් මෙන්ම iron සහ magnesium වලින් සපිරි ඉතාම ගුණදායක කෑමක්. ඉතින් අඩු මුදලකට, මේ වගේ පෝෂදායී කෑමක් ආහාර වේලකට එකතු කරගන්න ලැබෙන එක ලොකු වාසියක්. නැවුම් බව සහ රසය පවත්වා ගන්න මේ විදිහට Frozen කරලා තිබෙනවා. ඉතින් ඔයත් 0.9$ කටත් වඩා අඩු මුදලකට රසවත් නිවිති, සලාද විදිහට හරි වෙනත් ඕනෑම විදිහට කෑමට එකතු කරගන්න.
- Sardines 125g (OCEAN RISE)
$0.89
0.9$ වඩා අඩු මුදලකට ඔයාගේ කෑමට Sardines එකතු කරගන්නත් පුළුවන්. ප්‍රෝටීන් සහ Omega-3 මේද අම්ලවලින් සපිරි නිසා Sardines ඔයාට මාළු වෙනුවට ලාබදායී විසදුමක් විදිහට භාවිත කරන්න පුළුවන්. Sardines in Oil සහ Sardines in Springwater වශයෙන් ඔයාට $0.89 ක මුදලට ලබා ගන්න පුළුවන්.
- Pasta 500g (REMANO)
$0.89
ඔයාට කෑම වේලක් පිළියෙළ කරගන්න තියෙන ලාබදායීම විසඳුමක් තමයි pasta. 0.9$ කටත් වඩා අඩු මුදලකට 500g ක්ම ගන්න පුළුවන්. Spaghetti, Spirals, Penne pasta වගේ කැමති වර්ගයක් තිබෙනවා.