අසාමාන්‍ය මෝස්තරයක් සහ සුඛෝපභෝගී විශේෂාංග සහිත චීන Ute රථයක් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් අතර මිල යුද්ධයක් ඇති කිරීමට සූදානම්. මේක කලින් ආපු LDV Utes වගේ දෙයක් නෙවෙයි. මේක ඔයා ඇත්තටම කැමති වෙන එකක්.
මේ තමයි අලුත්ම Terron 9 diesel dual-cab එක. දැකපු ගමන් හිතෙයි මේක ටිකක් අමුතුයි කියලා. ඒකට හේතුව මේකේ tub එක සහ cabin එක අතර පරතරයක් නැතුව, unibody design එකක් තිබෙන එක. ඒකෙන් වැඩි tray space එකක් ලැබෙනවා. arches අතර 1600mm දිගක් සහ 1230mm පරතරයක් තියෙන නිසා, ඒක Aussie-pallet-friendly කියලනම් කියන්න පුළුවන්.
ඒ වගේම මේකේ ලොකු අවාසියකුත් තිබෙනවා. මොකද මේකේ cab-chassis model එකක් නැහැ. ඒ නිසා ඒක ගොඩක් tradies සහ fleet businesses සඳහා සුදුසු වෙනවද කියන එක ප්‍රශ්නයක්.
නමුත් මෙහි ladder-frame chassis, සහ off-road chops තියෙනවා. ගැනුම්කරුවන්ට ඇති වාසිය නම්, එයට towbar assembly, hitch, සහ standard wiring ඇතුළත් වීමයි. පසුපස diff lock එකක් සහ spray-in tub-liner එකක් මෙන්ම සහායක lift mechanism එකක් සහිත locking tailgate එක ද standard තත්වයේ තිබෙනවා.
වෙළඳ භාණ්ඩ සඳහා ABN වට්ටම් සහිත මිල ගණන් සමඟ grades දෙකක් පිරිනැමෙනවා. entry-level model එක Origin ලෙස හඳුන්වනවා. එය $49,990 ක ප්‍රවර්ධන මිලකින් ආරම්භ වන අතර, එය අඟල් 18 රෝද, auto LED lights සහ auto wipers, cloth trim, power adjustable front seats, සහ අඟල් 12.3 screens යුගලයක් සමඟ පැමිණෙනවා. මින් එකක් driver info සඳහා, සහ අනෙක් එක media සඳහා වෙනවා. Apple CarPlay සහ Android Auto, wirelessly ලබා ගන්නත් පුළුවන්.
Image Credit goes to by : https://www.news.com.au/technology/motoring/on-the-road/2025-ldv-terron-9-review/news-story/9dcf945e3b3150fcb2ff9df13603f1c5