දීප්තිමත්ම නගරයක අගනා උසස් අධ්‍යාපන අවස්ථා

  • Home
  • /
  • Blog
  • /
  • දීප්තිමත්ම නගරයක අගනා උසස් අධ්‍යාපන අවස්ථා

ඕස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට, ඒ සඳහා හරියනම තැන තෝරාගන්න උදව් වෙන විදිහට මෙරට සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශවල වගේම ප්‍රධාන නගරවල උසස් අධ්‍යාපන පසුබිම ගැන තමයි අපි මේ කතා කරන්නේ.

කලින් articles වලින් Australian Capital Territory (Canberra), New South Wales (Sydney), Northern Territory (Darwin), Queensland (Brisbane), South Australia (Adelaide), Tasmania (Hobart), Victoria (Melbourne) කියන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර උසස් අධ්‍යාපනය හදාරන්න හිතන් ඉන්න ඔයාට වැදගත් වෙන්නේ කොහොමද කියන එක කතා කළා. අද අපි කියන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට සූදානම් වන ඔයා Western Australia සහ එහි ප්‍රධාන නගරය වන Perth ඇතුළු අනෙකුත් අධ්‍යාපනය සඳහා ප්‍රසිද්ධ නගර සහ විශ්වවිද්‍යාල ගැන වගේම එහි අධ්‍යාපනික පරිසරය ගැන දැනගන්න අවශ්‍ය දේවල්. මේ දේවල් උසස් අධ්‍යාපනය සඳහා සුදුසු විශ්වවිද්‍යාලයක් තෝරාගන්න ඔයාට උදව් වෙයි.

Western Australia

ඔබේ අන්තර්ජාතික වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න පරිපූර්ණ වටපිටාවකින් සහ විවිධ ක්ෂේත්‍ර වල සම්බන්ධතා සහිත අධ්‍යයන හා සමාජීය අවස්ථා වලින් පිරුණු ස්ථානයක් සොයා යන ඔබට බටහිර ඕස්ට්‍රේලියාව ඉතා හොඳ තැනක් වේවි. ඕස්ට්‍රේලියාවේ විශාලතම state එක වන මෙය අන් කිසිවකට සමාන නොවන කැපී පෙනෙන ජාත්‍යන්තර ශිෂ්‍ය අත්දැකීමක් ඔබට ලබා දේවි.

බටහිර ඕස්ට්‍රේලියාව (WA) උසස් ජීවන තත්ත්වයක්, විචිත්‍රවත් ජීවන රටාවක්, පුළුල් පිටිසර ප්‍රදේශයක් සහ විශ්මයජනක වෙරළබඩ භූ දර්ශන වලින් සමන්විතයි. මෙහි විවිධත්වය පිරුණු පරිසරයක ඉගෙනීමට අමතරව අද්විතීය සංස්කෘතික වටිනාකම් සහ භූ දර්ශන අත්විඳීමට නිමක් නැති අවස්ථාවන් ඔබට උදා කරගන්න පුළුවන්.

WA හි විශ්ව විද්‍යාල ඉගැන්වීමේ ගුණාත්මකභාවය, කුසලතා සංවර්ධනය, ඉගෙනුම් සම්පත් සහ ශිෂ්‍ය සහාය යන අංශ වලින් තරු පහේ ශ්‍රේණිගත කිරීම් ලබා තිබෙනවා. (Good Universities Guide, 2024).

WA, ඕස්ට්‍රේලියාවේ පතල් හා ඉංජිනේරු අගනුවර ලෙස සැලකෙනවා. ඒ වගේම බටහිර ඔස්ට්‍රේලියාව චීනය, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළුව ලෝක ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් (+/- පැය 2) සමග එකම කාල කලාපයේ (GMT+8) සිටිනවා.

Perth යනු ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල පහක්, උසස් තත්ත්වයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සහ පාසල් සඳහා නිවහනක්. එහි කැපී පෙනෙන ක්ෂේත්‍ර කිහිපයක්;

  • Science 
  • Engineering 
  • Technology
  • Medicine And Health 
  • Commerce  
  • Education And The Arts

WA හි ආයතන අධ්‍යයන විශිෂ්ටත්වය, අති නවීන පර්යේෂණ පහසුකම්, ප්‍රායෝගික ඉගෙනීම සහ රැකියා වෙළඳපොළට ගැලපෙන උපාධි ලබා ගැනීමට සිසුන්ට උපකාර කරන, මිල කළ නොහැකි වෘත්තීය අත්දැකීම් ලබා දෙනවා.

WA යනු ඕස්ට්‍රේලියාවේ පතල් හා ඉංජිනේරු අගනුවර වන නිසාම මෙය ශක්තිමත් ආර්ථිකයක් සහිත සම්පත් වලින් පොහොසත් රාජ්‍යයක්. එය විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදන සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් වනවා වගේම automation, robotics, remote operations සහ digital technology වැනි ක්ෂේත්‍ර වල ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස පිළිගැනෙනවා.

BHP, Rio Tinto සහ Woodside ඇතුළු ලොව විශාලතම resource companies බොහොමයක කාර්යාල Perth හි පිහිටා තිබෙනවා. ඒවා ප්‍රාන්තය පුරා මෙහෙයුම් දියත් කරනවා.

බටහිර ඕස්ට්‍රේලියාව ගෝලීය වශයෙන් අවධානය යොමු කර ඇති ජාත්‍යන්තර ව්‍යාපාර, කර්මාන්ත සහ පර්යේෂණ මධ්‍යස්ථාන සමග විශාල සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒ වගේම Perth සිට ආසියාවට සෘජු ගුවන් ගමන් ද දියත් කෙරෙනවා.

ඔබ නගරයෙන් පිටතට යන විට, බටහිර ඕස්ට්‍රේලියාවේ පුළුල් පිටිසර ප්‍රදේශයේ අතිවිශාල ස්වාභාවික සුන්දරත්වය, විශ්මයජනක වෙරළබඩ භූ දර්ශන සහ ප්‍රසිද්ධ Rottnest දූපත වැනි සුදු වැලි සහිත වෙරළ තීරයන් ගවේෂණය කරන්න පුළුවන්. ඔබට UNESCO ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති Ningaloo ගල්පර නරඹන්න වගේම සහ තල්මසුන් මෝරුන් සමඟ පිහිනන්නත් අවස්ථාව තිබෙනවා.

WA සිට ඔබට ලෝකයේ වඩාත්ම සුන්දර හිරු බැස යෑමක් දැකගත හැකියි. ප්‍රාන්තයේ නිරිත දෙසින්, ඔබට ලෝක ප්‍රසිද්ධ වයින් නිපදවන ප්‍රදේශ, උස ගස් වනාන්තර සහ Margaret ගඟේ විශ්මයජනක වෙරළ තීරයන් සොයාගන්න පුළුවන්.

මෙම සුන්දර ප්‍රදේශයට ලබා දිය හැකි ඇදහිය නොහැකි ප්‍රතිලාභ බොහෝ දෙනෙකුට අවබෝධ වන බැවින්, බටහිර ඔස්ට්‍රේලියාව තුළ ශිෂ්‍ය ජනගහනය අඛණ්ඩව වර්ධනය වෙනවා.

ලෝකයේ ආරක්ෂිතම ස්ථානවලින් එකක් වන බටහිර ඕස්ට්‍රේලියාවේ සමෘද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාවක් සිටිනවා. ඔබට අද්විතීය සංස්කෘතියක් අත්විඳින්න වගේම, නව මිතුරන් ඇති කර ගැනීමට සහ විවිධ පරිසරයක ඉගෙන ගැනීමටත් මෙය හොඳම ස්ථානයක් වේවි.

Perth 

සමෘද්ධිමත්, විශ්වීය නගරයක් වන පර්ත් සාමාන්‍යයෙන් අනෙකුත් ඕස්ට්‍රේලියානු නගරවලට වඩා අවම වියදමකින් ජීවත් විය හැකි නගරයක් වන නිසා එය මුදල් ගැන සැලකිලිමත් වන සිසුන්ට වඩාත් සුදුසුයි.

මෙහි ප්‍රධාන අධ්‍යාපන සපයන්නන් ලෙස; Curtin University, Edith Cowan University, Murdoch University, University of Notre Dame, University of Western Australia සහ TAFE International Western Australia.

මෙහි මිලියන 2.1 කට වඩා වැඩි ජනගහනයක් ජීවත් වෙනවා. නගරය ඕස්ට්‍රේලියාවේ වඩාත්ම සුවිශේෂී හා විශ්මය ජනක ස්වාභාවික භූ දර්ශන කිහිපයකට ආසන්නව පිහිටා ඇති නිසා ස්වභාවධර්මය අධ්‍යයනය කිරීමට සහ සංචාරය කිරීමට කදිම ස්ථානයක්.

පර්ත් අගනගර නගරය ලෝකයේ ඉහළම ජාත්‍යන්තර ශිෂ්‍ය නගර 50 තුළ නිරන්තරයෙන් ශ්‍රේණිගත කර තිබෙනවා. පර්ත් හි regional city status එක සිසුන්ට අමතර සංක්‍රමණ ස්ථාන සහ දීර්ඝ කරන post-study work සඳහා අවස්ථා ලබා දෙනවා. එමඟින් සිසුන්ට බටහිර ඕස්ට්‍රේලියාවේ වැඩි කාලයක් රැඳී සිටීමට ඉඩ ලැබෙනවා.

පර්ත් නගරය ලෝකයේ ජීවත්වීමට සුදුසුම 12 වන නගරය ලෙසත් නම් කර තිබෙනවා. පර්ත් හි ජීවන වියදම් ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගරවලට වඩා අඩු වීමත් විශේෂත්වයක්.

නගරය සැහැල්ලු ඕස්ට්‍රේලියානු ජීවන රටාවක් ලබා දෙනවා වගේම පර්ත් යනු වසරේ 70% ක් ම පැහැදිලි නිල් අහසක් සහිත ඕස්ට්‍රේලියාවේ හිරු එළිය ඇති අගනුවරයි. “in Perth, the sun is always shining, and the people are always smiling” යනුවෙන් කියමනක් ද තිබෙනවා.

 

 

Image Credit goes to by : https://aboutaustralia.com/destinations/perth/

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025