Transport Certification Australia (TCA) යනු Austroads business unit එකක්. එය telematics සහ vehicle-based technologies තක්සේරු කිරීමේදී සහ සහතික කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. TCA ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ප්‍රවාහන ආයතනවලට, වාහනවලින් විශ්වාසදායක දත්ත රැස් කිරීමට උපකාර කරනවා. රජයට වගේම අදාළ කර්මාන්ත වල පාර්ශවකරුවන්ට, මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමට සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා නිවැරදි, සත්‍ය බව තහවුරු කළ හැකි තොරතුරු සැපයීම මෙහි අරමුණ වෙනවා.
TCA හි කාර්යභාරය
National Telematics Framework හි පරිපාලක ලෙස TCA, රජයේ ආයතන, ප්‍රවාහන ක්‍රියාකරුවන් සහ තාක්ෂණ සපයන්නන් අතර අන්තර්ක්‍රියා ප්‍රමිතිකරණය කර විධිමත් කිරීමට දායක වෙනවා. මෙම විශ්වාසදායක රාමුව මාර්ග ප්‍රතිඵල සහ ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් පරාසයක telematics applications සඳහා සහය දක්වනවා.
TCA හි සේවා
TCA පහත සඳහන් පුළුල් සේවා පිරිනමනවා;
- එහි නීති, විස්තර කිරීම්, ගිවිසුම්, ඩිජිටල් යටිතල පහසුකම් සහ අනෙකුත් සහායක සේවා ඇතුළුව National Telematics Framework හි පරිපාලනය.
- නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ බලාත්මක කිරීමේ ක්‍රියාකාරකම් සඳහා සහය දක්වන, නමුත් සුදුසු පරිදි වෙන් කර ඇති Assurance services සහ telematics applications සහ ඒ ආශ්‍රිත තොරතුරු සහ දත්ත සේවාවන්ට සහාය වන සහතික කිරීමේ සේවා.
- සාක්ෂි සහ ගැඹුරු විෂය දැනුමක් මත පදනම් වූ උපදෙස්.
TCA හි පාලනය
Austroads Board, TCA Board සමඟ එක්ව TCA වෙත පාලනය සහ උපායමාර්ගික මඟ පෙන්වීම සපයන අතර, Austroads Executive Group (AEG) ව්‍යාපාරය කළමනාකරණය කරනවා.
Image Credit goes to by : https://www.seek.com.au/