භූමිය ආරක්ෂා කිරීම සඳහා බ්‍රිස්බේන්හි ආසන 63,000 කින් යුත් ඔලිම්පික් ක්‍රීඩාංගනයක් ඉදි වීම නැවැත්වීමට මුල් ජාතීන්ගේ කණ්ඩායම ෆෙඩරල් අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
නගරයේ වඩාත්ම වැදගත්, ආදී ජනතාවගේ ස්ථාන අතරට අයත් ප්‍රදේශයක් ඇති බවට ප්‍රකාශ කරමින්, බ්‍රිස්බේන්හි ආසන 63,000 කින් යුත් ඔලිම්පික් ක්‍රීඩාංගනයක් සංවර්ධනය කිරීම නැවැත්වීමට අවසාන උත්සාහයක් මෙල්සෙස ෆෙඩරල් රජයට ඉදිරිපත් කර තිබෙනවා.
Yagara Magandjin Aboriginal Corporation (YMAC) අඟහරුවාදා දින Commonwealth වෙත මෙම අයදුම්පත ඉදිරිපත් කළේ, මෙම ප්‍රදේශයේ දිගුකාලීන ආරක්ෂාව සලකා බලන ලෙස ඉල්ලා සිටිමින්. මෙම පියවර 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් සහ Paralympic ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානයක් ලෙස වෙන් කර ඇති Victoria Park හි ක්‍රීඩාංගනය සඳහා LNP ප්‍රාන්ත රජයේ සැලසුම් වලට බාධාවක් වෙනවා.
YMAC ප්‍රකාශිකා Gaja Kerry Charlton ABC වෙත පැවසුවේ එම ස්ථානය ආරක්ෂා කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවයි. “එහි පැරණි ගස්, කෞතුක වස්තු සහ ඉතා වැදගත් පරිසර පද්ධති පවතිනවා දැයි අපි සලකා බලනවා. මුතුන් මිත්තන්ගේ නටබුන් ද එහි තිබිය හැකියි.” ඇය මාධ්‍යයට පැවසුවා.
YMAC හි අධිකරණ ක්‍රියාමාර්ගය, Aboriginal and Torres Strait Islander Heritage Protection Act (ATSIHP) හි 10 වන වගන්තිය යටතේ ගොනු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්, ප්‍රාන්ත රජයේ ප්‍රකාශිකාවක් පැවසුවේ “ක්‍රීඩා උළෙල ක්වීන්ස්ලන්තය පුරා පරම්පරාගත යටිතල පහසුකම් උරුමයක් ලබා දෙන බව සහතික කිරීමට” රජය කැපවී සිටින බවයි.
ක්වීන්ස්ලන්තය පුරා නව හෝ වැඩිදියුණු කළ ක්‍රීඩා ස්ථාන 17 ක් නිර්මාණය සඳහා ඒකාබද්ධ ඩොලර් බිලියන 7.1 ක ක්‍රීඩා යටිතල පහසුකම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජූලි මාසයේදී ඒ සඳහා, ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් අතර අරමුදල් ගිවිසුමක් මගින් ඩොලර් බිලියන 3.4 ක දායකත්වයක් ෆෙඩරල් රජයෙන් ලබා දුන්නා.
වික්ටෝරියා පාර්ක් ක්‍රීඩාංගනය පොරොන්දු වූ ව්‍යාපෘතිවලින් එකක් වන අතර ක්‍රීඩා උළෙලේ සමාරම්භක සහ සමාප්ති උත්සව මෙන්ම මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීමට නියමිතව ඇත්තේත් මෙහිදීයි.