පෞද්ගලික අංශය සඳහා work-from-home අයිතිවාසිකම් නීතිගත කිරීමට ඇලන් රජය ගෙන ඇති උත්සාහය සැපයුම්මය වශයෙන් කළ නොහැකි බව නීති විශේෂඥයින් අනාවරණය කර තිබෙනවා.
Jacinta Allan සෙනසුරාදා පැවති පක්ෂයේ state conference එකේදී යෝජනාව ප්‍රකාශයට පත් කළ අතර, එය සම්මත වුවහොත්, පෞද්ගලික සහ රාජ්‍ය අංශ දෙකෙහිම සේවකයින්ට සතියකට අවම වශයෙන් දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමට නීත්‍යානුකූල අයිතිය ලැබෙනවා. Equal Opportunity Act එක ඇතුළුව නීතිමය විකල්ප කිහිපයක් ඇති බව එතුමිය වාර්තාකරුවන්ට පවසා තිබුණා.
Stacks නීති සමාගමේ විශේෂ උපදේශක Geoff Baldwin පැවසුවේ වික්ටෝරියාවේ සේවකයින් විශාල සංඛ්‍යාවක් දැනටමත් Fair Work Act 2009 (FWA) යටතේ flexible working arrangements ඉල්ලා සිටීමට සුදුසුකම් ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, “මෙම විධිවිධානය යටතේ, මෙය ‘අයිතියක්’ නොවේ: සේවායෝජකයා ඉල්ලීමකට නිසි සැලකිල්ලක් දැක්වීමට බැඳී සිටින නමුත්, සැබෑ ව්‍යාපාරික හේතූන් මත පමණක් ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් තිබෙනවා” යනුවෙන් ඔහු news.com.au වෙත පවසා තිබුණා. “එබැවින් එය ‘සාධාරණ’ යන අදහසට වඩා තරමක් පටු වන අතර, සාධාරණ දේ සහ සාධාරණ නොවන දේ පිළිබඳව බොහෝ තර්ක තිබිය හැකියි”
යෝජනාව නිවේදනය කරමින් Allan මහත්මිය පැවසුවේ නිවසේ සිට වැඩ කිරීම ආර්ථිකයට යහපත් බව සහ පවුල්වලට සහාය වන බවයි.