අලුතෙන්ම එන Harry Potter™ Book series එක

  • Home
  • /
  • Blog
  • /
  • අලුතෙන්ම එන Harry Potter™ Book series එක

Harry Potter කියන්නේ මේ වෙනකොට දශක කිහිපයක්ම ලොව පුරා සිටින ලොකු පොඩි කාගේත් උන්මාදයක්. පුංචි කාලේ ඉදන් Harry Potter කියවපු බලපු හැමදෙනාම වගේ අදටත් wizarding world එකේ ජීවත් වෙනවා.

ඉතින් මේ කියන්න හදන්නේ ඔයා ආදරය කරපු Harry Potter සහ wizarding world එක පුංචිම පුංචි දුවලා පුතාලට හඳුන්වා දෙන්න පුළුවන් හොඳම ක්‍රමයක් ගැන. ගොඩාක් පුංචි අයවත් අපේ මේ wizarding world එකට එක්කගෙන යන්න පුළුවන් වෙන විදිහේ ලස්සනම ලස්සන පොත් ටිකක් J.K. Rowling විසින් නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් මේ තමයි “Pocket Potters: Little guides to the Harry Potter stories by J.K Rowling”.

Harry Potter™ කතා මාලාවේ අපිට හමු වුණු මායාකාරයින් සහ මායාකාරියන් ගැන දැනගත යුතු සියල්ල සොයා යන්න මේ අලුත්ම Harry Potter™ Book series එක ඔයාට උදව් වෙයි.

Official companion book series එකක් විදිහට එන Pocket Potters, 2025 අගෝස්තු මාසයේදී titles තුනකින් නිකුත් කෙරෙනවා. ඒ තමයි Harry Potter, Ron Weasley සහ Hermione Granger. 2026 සහ ඉන් ඉදිරියට තවත් titles වලින් පොත් කිහිපයක් නිකුත් වීමට නියමිතයි.

මෙම කතා මාලාව J.K. Rowling විසින් නිර්මාණය කරපු හැමෝම ගොඩක් ආදරය කරන චරිත දැන හඳුනා ගැනීම සඳහාම සුවිශේෂී වෙනවා. සෑම පොතකම හාස්‍යය සහ දඟකාරකම් වගේම මන්ත්‍ර, මැජික් යෂ්ටි, අපූරු මෘගයන් ඇතුළුව ඇති දැවැන්ත හොග්වාර්ට්ස් අවස්ථා දක්වා magical Potter world එකේ තොරතුරු රාශියක් ඇතුලත් වෙනවා.

Harry Potter පොත illustrate කරලා තියෙන්නේ Natalie Smillie විසින්. පඩිපෙළ යට මකුළු දැල් පිරුණු cupboard එකේ සිට පියාඹන කොස්සක නැගී කරන තරඟ දක්වා, මකරුන් සමග සටන්, Quidditch තරඟ, රහස් මුරපද සහ Ollivanders මැජික් යෂ්ඨි විකුණන්නන් වෙතත් මේ මගින් ඔයාව අරගෙන යනවා.

Ron Weasley කෘතිය illustrate කරලා තිබෙන්නේ Olia Muza විසින්. ඇයත් ප්‍රධාන ශාලාවේ භෝජන සංග්‍රහයක යෙදෙන, ස්කැබර්ස් පස්සෙන් දුවන, පියාඹන මෝටර් රථය හප්පගන්න අපිට සුපුරුදු Ron හරි ලස්සනට නිර්මාණය කරලා තිබෙනවා.

Hermione Granger පොත illustrate කරන්නේ Laura Proietti විසින්. ලෝරා විසින් පුස්තකාලයේ මැජික් ඉගෙන ගන්න, Polyjuice Potion හදන සහ Yule Ball එකට සහභාගී වෙන Hermione හරි ලස්සනට නිර්මාණය කරලා තිබෙනවා. 

ඉතින් මේ හරහා දර්ශනීය මන්ත්‍ර, මැජික් බෙහෙත්, මායා පොත්, Gryffindor house එකේ ඔයා කැමතිම ස්ථාන දැකගන්නත් පුළුවන්.

පළමු Pocket Potters පොත් තුන 2025 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. එක්සත් රාජධානියේ Bloomsbury සහ ඇමරිකා එක්සත් ජනපදයේ Scholastic විසින් මෙය නිකුත් කරන අතර අමතර භාෂා 25 කින් ද නිකුත් කෙරෙනවා.

මේ පොත් තුනට අමතරව 4 වන සහ 5 වන පොත් විදිහට Professor Dumbledore සහ Luna Lovegood, ලබන වසරේදී නිකුත් කිරීමටයි සැලසුම් කරලා තිබෙන්නේ.

මේ මාසේ අග වෙනකොට මේ පොත් ටික launch කරන්න තමයි plan කරලා තියෙන්නේ. ඉතින් wizarding world එකට අලුතෙන් එකතු වෙන පුංචි අයට වගේම තවමත් Hogwarts ලියුම එනකන් බලන් ඉන්න ලොකු බබාලටත් අරගන්න කියවන්න වගේම තෑගි දෙන්නත් හොඳම තේරීමක් තමයි මේ Pocket Potters.

 

 

Image Credit goes to by : https://tracuuquyhoach.com/

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025