චීනයේ චිකුන්ගුන්යා රෝගීන් 7,000 ඉක්මවයි. ඕස්ට්‍රේලියාවටත් රෝගය පැතිරෙයිද?

  • Home
  • /
  • Blog
  • /
  • චීනයේ චිකුන්ගුන්යා රෝගීන් 7,000 ඉක්මවයි. ඕස්ට්‍රේලියාවටත් රෝගය පැතිරෙයිද?

මදුරුවන්ගෙන් බෝවන වෛරසයක් වන චිකුන්ගුන්යා රෝගය වැළඳුණු රෝගීන් 7,000 කට වඩා දකුණු චීනයේ නගර කිහිපයකින් හමු වී තිබෙනවා.

ලොව පුරා ප්‍රධාන චිකුන්ගුන්යා වෛරස් වසංගතයක් පැතිර යාමේ අවදානමක් ඇති බවත් එය වැළැක්වීම සඳහා හදිසි පියවර ගන්නා ලෙසත්, ජූලි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූවා.

Foshan හි Shunde දිස්ත්‍රික්කයේ බොහෝ රෝගීන් හමු වීමත් සමග ජූලි මස අගදී චීනයේ මෙම වසංගතය ආරම්භ වුණා. තවමත් ඕස්ට්‍රේලියානු රජයෙන් වෛරසයට අදාළ සංචාරක අනතුරු ඇඟවීම් හෝ දැනුම්දීම් නිකුත් කරලා නැහැ.

ඕස්ට්‍රේලියාවේ චිකුන්ගුන්යා තිබෙනවාද?

ඕස්ට්‍රේලියානුවන් පහත සඳහන් ප්‍රදේශවල, විදේශ රටවල සංචාරය කරන අතරතුර වෛරසය වැළඳීමේ සම්භාවිතාවක් තිබෙනවා. 

  • අප්‍රිකාව
  • ඉන්දියානු උප මහද්වීපය
  • අග්නිදිග ආසියාව
  • පැසිෆික් කලාපය
  • කැරිබියන්

චිකුන්ගුන්යා වෛරසය රැගෙන යා හැකි මදුරුවන් උතුරු ක්වීන්ස්ලන්තයේ සහ Torres සමුද්‍ර සන්ධියේ දක්නට ලැබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ මදුරුවන් තුළ මෙම රෝගය තවමත් හඳුනාගෙන නැහැ.

චිකුන්ගුන්යා වෛරසයේ රෝග ලක්ෂණ මොනවාද?

ආසාදිත මදුරුවෙකු දෂ්ට කිරීමෙන් දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා.

වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ:

  • සන්ධි වේදනාව
  • සන්ධි ඉදිමීම සහ තද ගතිය
  • උණ

වෙනත් රෝග ලක්ෂණ අතර:

  • මාංශ පේශි වේදනාව
  • හිසරදය
  • ඔබේ ශරීරයේ සහ අත් පා වල කැසීම
  • ඔක්කාරය
  • තෙහෙට්ටුව

 

Image Credit goes to by : https://www.narayanahealth.org

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025