ළමුන් සඳහාම වෙන් වුණු Market එකක්

  • Home
  • /
  • Blog
  • /
  • ළමුන් සඳහාම වෙන් වුණු Market එකක්

කුඩා දරුවන්ට විනෝද වෙන්න හොඳම අවස්ථාවක් මේ සති අන්තයේ එනවා. ඒ තමයි All For Kids Market – Ballarat. කලින් Ballarat Baby & Children’s Market ලෙස ඔබ දැන සිටි මෙය ළඟදීම All For Kids Market – Ballarat ලෙස ඔබ අසලටම එනවා.

වැඩේ තියෙන්නේ 2025 අගෝස්තු 9 වන සෙනසුරාදා, Ballarat Mining Exchange එකේදී.

පවුලේ සැමට එකතු වී වඩා විශාල වගේම වඩාත් විනෝදජනක family market experience එකක් ලබා ගන්න All For Kids Market සමඟ ඔබත් එකතු වෙන්න. මෙහිදී ඔබට කුඩා දරුවන් සඳහා අවශ්‍ය බොහෝ දේ, අත්කම් සහ boutique භාණ්ඩ, මිලදී ගැනීමට පවුලේ සැමට සහ කුඩා දරුවන් සඳහා වූ stalls ගොඩක් දැකගන්න පුළුවන්.

මෙය සාමාන්‍ය Market එකකට වඩා වැඩි දෙයක්. ඔබට එය පවුලේ නිවාඩු දිනයක් කරගන්න පුළුවන්. Craft & activity zones, Interactive entertainment, ඔබ සාප්පු සවාරි යන අතරතුර ළමයින් සඳහා විනෝද අවස්ථා.

මේ සෑම දෙයක් සඳහාම වැය වෙන්නේ $5 ක් පමණයි. වැඩිහිටියන් සඳහා ප්‍රවේශය ඩොලර් 5 ක් වෙද්දී  ළමයින්ට (අවුරුදු 12 ට අඩු) ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ සියලුම ක්‍රියාකාරකම් සමග පුරා පැය හතරක් මේක ක්‍රියාත්මක වෙනවා.

දිනය: 2025 අගෝස්තු 9 වන සෙනසුරාදා

වේලාව: පෙ.ව. 10 – ප.ව. 2

ස්ථානය:  The Ballarat Mining Exchange, 8 – 12 Lydiard Street North Ballarat, Victoria 3350

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025