සීතල අගෝස්තුවේ ලාබදායී සංචාරයක් plan කරමු

  • Home
  • /
  • Blog
  • /
  • සීතල අගෝස්තුවේ ලාබදායී සංචාරයක් plan කරමු

දකුණේ හිමෙන් වැසුණු කඳු වැටි, උතුරේ හිරු එළියෙන් බැබළෙන වෙරළ තීරයන් සහ රට පුරා සෑම තැනකම නිහඬ ජාතික උද්‍යාන සමගින් අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාව විශේෂ ආකාරයේ මායාවක් ගෙන එනවා.

ඉතින් අද අපි කතා කරන්නේ මේ මාසයේදී රට තුළ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා දැනගත යුතු දේවල් කිහිපයක් ගැන.

රට තුළ සංචාරය කරන්න අගෝස්තු හොඳ කාලයක්ද කියන එක හුගක් දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයක්. මේක තීරණය වෙන්නේ ඔයා ලබාගන්න බලාපොරොත්තු වෙන අත්දැකීම සහා සංචාරය කරන්න තෝරාගන්න ප්‍රදේශය මත.

New South Wales සහ Victoria ප්‍රදේශවල ඇති ඕස්ට්‍රේලියානු Alps, skiing සහ snowboarding සඳහා ඉතා සුදුසු තත්වයේ පවතිනවා. Thredbo, Perisher, සහ Mount Buller වැනි නිවාඩු නිකේතන සංචාරකයින් පිළිගැනීමට සූදානමෙන් පවතින අතර ඒවා winter sports වලට කැමති යට වඩාත් සුදුසු ස්ථාන වෙනවා.

මේ අතරේදී උතුරු ක්වීන්ස්ලන්තය වියළි කාලගුණයක් ලබා දෙනවා. අව්ව සහිත පැහැදිලි අහස, අඩු ආර්ද්‍රතාවය සහ පැහැදිලි ජලය වෙනම අත්දැකීමක් නිර්මාණය කරනවා. මහා බාධක පරයේ snorkeling කිරීමට සහ කිමිදීමට මෙය හොඳම කාලයක්.

ඒ වගේම අගෝස්තු කියන්නේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන් වල සංක්‍රමණික humpback තල්මසුන් නරඹන්නත් හොඳම මාසවලින් එකක්. වඩාත් සුන්දර දර්ශන සඳහා Hervey Bay, Byron Bay, හෝ Albany වෙත යන්න.

තවත් වැදගත් දෙයක් තමයි ගුවන් ගමන් ගාස්තු සහ හෝටල් වල මිල බොහෝ විට තදබදය වැඩි ගිම්හාන කාලයට සාපේක්‍ෂව අඩුයි. Sydney සහ Melbourne වගේ ප්‍රසිද්ධ නගර මේ කාලෙට off-season deals ලබා දෙනවා.

අගෝස්තු මාසයේ දේ ඔස්ට්‍රේලියාව ඉතා සුන්දර අත්දැකීමක් ලබා දුන්නත් ඍතුමය බලපෑම ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ.

  • දකුණේ සිසිල් කාලගුණය: 

Sydney, Melbourne, Adelaide, සහ Tasmania තරමක් සීතල විය හැකියි. උණුසුම් සහ waterproof ඇඳුම් පැලඳුම් අරගෙන යන්න අමතක කරන්න එපා

  • කෙටි දිවා කාලය: 

දකුණු නගරවල ටිකක් කලින් හිරු බැස යෑම දැකගන්න පුළුවන්. මේ නිසා දිවා ආලෝකය පවතින්නේ පැය 10–11ක් වගේ කාලයක් තමයි. ඒ නිසා දවසේ මුල් කාලයේ දී දර්ශන නැරඹීම් සැලසුම් කරගන්න.

  • දුරස්ථ ප්‍රදේශවලට ප්‍රවේශය සීමිත වෙන්න පුළුවන්: 

විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ සහ උතුරු WA හි සමහර දුරස්ථ මාර්ග සහ ආකර්ශනීය ස්ථාන, පෙර වැසි සමයේ සිදු වුනු හානි හෝ වෙනත් හේතු නිසා වසා දමා තිබෙන්න පුළුවන්.

  • දකුණේ වෙරළේ සීමා: 

Surfing කිරීමට ඉඩ තිබෙනවා. නමුත් සීතල ජලය සහ තද සුළං දකුණු වෙරළ තීරයන් වල පිහිනීමට බාධා කරන්න පුළුවන්.

  • සමහර කලාපවල වනජීවීන් දැකගන්න තරමක් අපහසුයි:

සීතල දකුණු ප්‍රදේශවල, කැන්ගරු සහ කෝලා වගේ සතුන් දිවා කාලයේදී අඩු ක්‍රියාකාරීත්වයක් දක්වනවා. ඔයා වනජීවී සංචාරයක් යන්න හිතාගෙන ඉන්නවනම් අලුයම හෝ සවස් කාලය ඊට වඩාත් ගැලපෙනවා

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025