ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වාහන අතර fuel consumption එක පිළිබඳ විශ්මයජනක සත්‍යයක් නව දත්ත මගින් හෙළිදරව් කර තිබෙනවා.
Australian Automobile Association (AAA) ඩොලර් මිලියන 14 ක රජයේ අරමුදල් සහිත යෝජනා ක්‍රමයක් වන එහි Real-World Testing වැඩසටහනේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් models පරීක්ෂා කර ඔවුන්ගේ ඉන්ධන පරිභෝජනය සහ විමෝචන ප්‍රමිතීන් පරීක්‍ෂා කර තිබෙනවා.
රටේ ඉහලින්ම සිටින මෝටර් රථ ආයතනය විසින් කරන ලද නව වාහන පරීක්ෂාවකින් පෙන්නුම් කර ඇත්තේ පාරිභෝගිකයින්ට අලෙවි කරන අවස්තාවේ දී ලබා දී ඇති ඉන්ධන පරිභෝජනය සහ විමෝචන තොරතුරු මත විශ්වාසය තැබිය නොහැකි බවයි.
පරීක්ෂා කරන ලද නවතම මෝටර් රථ 30 න් 25 ක් ප්‍රචාරණය කළ ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කර තිබෙනවා. මෙම වාහන අතරින්, මෝටර් රථ 11 ක් ප්‍රචාරණය කළ ප්‍රමාණයට වඩා 10% ක් හෝ ඊට වැඩි ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කරන බව සොයා ගත්තා.
කැපී පෙනෙන කරුණ නම්, hybrids ඉන්ධන කාර්යක්ෂමතාවයේ වඩාත්ම සැලකිය යුතු විෂමතාවයක් පෙන්නුම් කරමින්, රසායනාගාර ප්‍රතිඵලවලට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරනවා.
Hyundai Kona Hybrid ඉහළම විෂමතාවයක් පෙන්නුම් කළ අතර, එහි ප්‍රචාරණය කළ laboratory figure එකට වඩා 33% ක් වැඩිපුර ඉන්ධන පරිභෝජනය කර තිබෙනවා.