ටයිටැනික් නෞකාව ගිලුණු ස්ථානය වෙත යන අතරමගදී පස් දෙනෙකුට මරු කැඳවූ Titan ව්‍යසනය පිළිබඳ වෙරළාරක්ෂක වාර්තාව පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා. එය දක්වා තිබුණේ එම පුපුරා යාම වළක්වා ගත හැකිව තිබූ බවයි. 2023 වර්ෂයේදී කැනඩාවට ඔබ්බෙන් සිදු වූ මෙම පුපුරා යාමෙන් පසු වෙරළාරක්ෂක බලකාය මේ සඳහා එහි ඉහළම මට්ටමේ විමර්ශනයක් කැඳවූවා.
Titan සිදු වීම ලොව පුරා අවධානය දිනා ගත් අතර ඉන් කිසිවෙකුටවත් දිවි ගලවා ගන්නට හැකි වුණේ නැහැ. Titan හි හිමිකාරිත්වය දැරුවේ, වොෂින්ටන් ප්‍රාන්තයේ පිහිටි OceanGate නමැති පුද්ගලික සමාගමයි. මෙම submersible එකේ ක්‍රියාකරු, OceanGate ප්‍රධානී Stockton Rush, මියගිය යානයේ සිටි පස් දෙනා අතර වුණා.
මෙම submersible එකට සිදු වූ ව්‍යසනය සංවර්ධනය වෙමින් පවතින ගැඹුරු මුහුදු ගවේෂණ පෞද්ගලික කර්මාන්තය දැඩි ලෙස නියාමනය කිරීමට සහ නඩු පැවරීම් සඳහා හේතු වුණා.
Jason Neubauer, සමුද්‍ර විමර්ශන මණ්ඩලය වෙත පැවසුවේ මෙම සොයාගැනීම් අනාගත ඛේදවාචක වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බවයි. “පවතින නියාමන රාමුවෙන් පිටත නව සංකල්ප ගවේෂණය කරන ක්‍රියාකරුවන් සඳහා ශක්තිමත් අධීක්ෂණයක් සහ පැහැදිලි විකල්ප අවශ්‍ය වෙනවා” යැයි ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.
විමර්ශකයින් සොයා ගත්තේ මෙම submersible එකෙහි සැලසුම, සහතික කිරීම, නඩත්තු කිරීම සහ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් වී නොමැති බවයි.
වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශයක සඳහන් වූයේ OceanGate හි toxic workplace culture එකක් ඇති බවත්, submersible මෙහෙයුම් සඳහා දේශීය හා ජාත්‍යන්තර රාමුවක් නොමැතිකම එහි මෙහෙවරට බාධාවක් වූ බවයි. සිදු වූ පිපිරීමෙන් පසු වසර දෙක තුළ එම ප්‍රකාශයට සහාය දැක්වීම සඳහා OceanGate සේවකයින් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
Image Credits: https://www.gettyimages.com/photos/oceangate