සංක්‍රමණිකයන්ට එරෙහිව ඕස්ට්‍රේලියානුවන් පෙළගැසෙයි

  • Home
  • /
  • News
  • /
  • සංක්‍රමණිකයන්ට එරෙහිව ඕස්ට්‍රේලියානුවන් පෙළගැසෙයි

‘Take our country back’ තේමා කරගනිමින් අගෝස්තු 31 වන දිනට සැලසුම් කර ඇති සංක්‍රමණ විරෝධී දැවැන්ත විරෝධතාවක් අන්තර්ජාලය හරහා viral වෙමින් පවතිනවා. මෙය ඕස්ට්‍රේලියානුවන් අතර බෙදුම් වාදයක් ඇති කිරීමට හේතු වෙනවා. 

අගෝස්තු 31 වන දින මහා පරිමාණ සංක්‍රමණයන්ට එරෙහිව “Australia first” විරෝධතා මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා අගනගරවල පොලිසිය සීරුවෙන් සූදානමෙන් සිටිනවා. මෑත දිනවල මෙම සිදුවීම ප්‍රවර්ධනය කරන flyers සහ වීඩියෝ TikTok සහ X හි viral වී ඇති අතර එය අන්තර්ජාලය තුළ ද කැළඹීමක් ඇති කර තිබෙනවා.

Sydney, Melbourne, Brisbane, Perth, Adelaide සහ Canberra යන නගරවල රැලි පැවැත්වෙන බව පැවසෙන online share වෙන flyer එකක සඳහන්ව තිබුනේ “ඕස්ට්‍රේලියාව, මේ නැගීසිටින්න කාලයයි” යනුවෙන්. “මෙම event එක අපගේ සංස්කෘතිය, අපගේ උරුමය, අපගේ ජීවන රටාව ආරක්ෂා කිරීම සහ සමූහ සංක්‍රමණ අවසන් කිරීමමේ අවශ්‍යතාව පිළිබඳවයි. පළමුව ඕස්ට්‍රේලියාවයි, විදේශීය ධජවලට අවසර නැත.” පත්‍රිකාව කියා සිටින්නේ මෙම ව්‍යාපාරය සියයට සියයක් organic සහ බිම් මට්ටමේ බවයි. “මෙම event එක සාමකාමී වන අතර වෛරය හෝ ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට අදහස් කරන්නේ නැහැ” එය තවදුරටත් දක්වනවා.

තවත් flyer එකක සඳහන් වුනේ “අපේ රට ආපසු ගෙන යාමට කාලයයි. අපේ ජීවන රටාව ආරක්ෂා කිරීමට කාලයයි. අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට කාලයයි. දැන් සමූහ සංක්‍රමණය නවත්වන්න.” යනුවෙන්.

මේ events සංවිධානය කරන්නේ කුමන කණ්ඩායමද යන්න පැහැදිලි නැහැ. marchforaustralia.org ලෙස වෙබ් අඩවියක් අගෝස්තු 8 වන දින ලියාපදිංචි කරන තිබෙනවා. මෙම වෙබ් අඩවිය සහභාගී වීමට හෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට ලියාපදිංචි වන ලෙස ජනතාවට ආරාධනා කරනවා.

සිඩ්නි හි Speaker’s Corner, NSW Art Gallery එක ඉදිරිපිට සහ මෙල්බර්න් හි CBD හි රාජ්‍ය පුස්තකාලය ලෙස රැලි ස්ථාන දක්වා ඇති අතර අනෙකුත් නගර ස්ථාන “තහවුරු කළ යුතුය” යනුවෙන් දක්වා තිබෙනවා. සියලුම ප්‍රදේශවල පොලීසිය පවසන්නේ තත්ත්වය සාමකාමීව පවත්වා ගැනීම සඳහා සූදානමෙන් සිටින බවයි.

මෙම event එක සමාජ මාධ්‍යවල අන්ත දක්ෂිණාංශික සහ සුදු ජාතිකවාදී ගිණුම් ගණනාවක් විසින් ප්‍රවර්ධනය කරනවා. 

“අපේ රජය අපව විකුණා දමා ඇති අතර ඕස්ට්‍රේලියානු පුරවැසියන් බොහෝ කාලයක් තිස්සේ අසාර්ථක කර ඇත”, “ඔවුන් ඕස්ට්‍රේලියානු ආත්මය බිඳ දමා ඕස්ට්‍රේලියානු සිහිනය මරා දමා ඇත.”, “අපේ ආදිවාසී ජනගහනය ඇතුළු ඕස්ට්‍රේලියානුවන්ට අපේම ජාතිය තුළ දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකනු ලබන අතර සංක්‍රමණිකයින්ට ප්‍රමුඛතාවය දෙනවා” ආදී වශයෙන් විරෝධතාවයට සහය දක්වන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සිටිනවා.

සමූහ සංක්‍රමණිකයන් පිළිබඳව සහ ඉහළ සංක්‍රමණික අපරාධ සිද්ධීන් පිළිබඳව ඔවුන් බලවත් අකමැත්ත සහ විරෝධය පල කර තිබුණා. මුල් ජාතීන්ගේ ස්වෛරී පුරවැසියන් ගණනාවක් විසින් ද මෙම විරෝධතා ප්‍රවර්ධනය කරනු ලබනවා. 

සමාජ මාධ්‍ය තුළ පුද්ගලයින් ගණනාවක් “ජාතිවාදී” විරෝධතා හෙළා දැක තිබෙනවා. 

“පෙනෙන විදිහට ඔවුන්ට අවශ්‍ය වන්නේ සමූහ පිටුවහල් කිරීමක්, ඔවුන්ට අවශ්‍ය වන්නේ සුදු ජාතික ඕස්ට්‍රේලියාවයි.” යනුවෙන් එක් ටික්ටොක් පරිශීලකයෙක් පවසා තිබුනා.

“මේ මිනිසුන්ට තේරෙනවාද මේක එයාලගේ රට නෙවෙයි කියලා? මම සංක්‍රමණිකයෙක්, මම ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්. ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික දේශයක්. ඔයාලත් සංක්‍රමණිකයන්. ඔයාලා මෙහෙට ආවා, එයාලගේ ඉඩම් හොරකම් කළා.”

අගෝස්තු 31 වන දින සංක්‍රමණිකයන් අනතුරේ වැටිය හැකි බව කිහිප දෙනෙක් ප්‍රකාශ කර තිබෙනවා.

“ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණිකයෙක් නම්, සංක්‍රමණිකයෙකුගේ දරුවෙකු නම්, අගෝස්තු 31 වන දින ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න” එක් අයෙක් පවසා තිබුණා.

සෙනසුරාදා අලුයම වෙස්මුහුණු පැළඳගත් neo-Nazis 100 ක් පමණ මෙල්බර්න්හි CBD හරහා “White Man Fight Back” යනුවෙන් ලියන ලද පුවරු රැගෙන ගිය පසු මෙය ආරම්භ වුණා. National Socialist Network event එක යුදෙව් කණ්ඩායම්වල කෝපයට හේතු වී තිබෙනවා. වික්ටෝරියානු රජය “විරෝධතාවලදී බියගුල්ලන්ගේ වෙස්මුහුණු ගලවා දැමීමට” පොලිස් බලතල ලබා දෙන නව නීති හඳුන්වා දීමට පොරොන්දු වුණා.

මේ මස මුලදී, සිඩ්නි Harbour Bridge එක හරහා පලස්තීන හිතවාදී පාගමනකට 90,000 ක් පමණ සහභාගී වූ බවට ඇස්තමේන්තුගත කර තිබෙනවා.

සාමකාමීත්වය ආරක්ෂා කරන බවට විවිධ පාර්ශව අදහස් දක්වා තිබුණත් ඔබේ සහ පවුලේ අයගේ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීමට අමතක කරන්න එපා.

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025