ඕස්ට්‍රේලියානුවන්ගේ පුදුම හිතෙන data පරිභෝජනය

  • Home
  • /
  • Lifestyle
  • /
  • ඕස්ට්‍රේලියානුවන්ගේ පුදුම හිතෙන data පරිභෝජනය

මාස 12 ක් තුළ නව NBN සම්බන්ධතා මිලියන භාගයක් ස්ථාපනය කර ඇති බැවින්, පසුගිය වසර තුළ ඕස්ට්‍රේලියානු නිවෙස් වල Data භාවිතය 10% කට වඩා වැඩි වී තිබෙනවා.

NBN සමාගම අඟහරුවාදා සම්පූර්ණ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කළ අතර එය data සඳහා වේගයෙන් වර්ධනය වන පිපාසය පෙන්නුම් කරනවා.

නිවාස සහ ව්‍යාපාර මිලියන 8.63 කට වඩා NBN ජාලයට සම්බන්ධ වී ඇති අතර, එය සෑම නේවාසික පරිශීලකයෙකුගෙන්ම සාමාන්‍යයෙන් මසකට ඩොලර් 50 ක් උපයනවා. එය පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් 3 කින් වැඩි වී තිබෙනවා.

NBN-සම්බන්ධිත පරිශ්‍රයන් වල සාමාන්‍යයෙන් මසකට data 508GB ක් භාවිතා කරන අතර එය පසුගිය වසරට වඩා 13% කින් වැඩියි.

NBN සමාගමේ ආයෝජන සැප්තැම්බර් මාසයේදී 100Mbps ක wholesale speed එක 500Mbps ක් දක්වා ඉහළ නංවනු ඇතැයි එහි විධායක අධ්‍යක්‍ෂ Ellie Sweeney පැවසුවා. ජනවාරි මාසයේදී, ෆෙඩරල් රජය නිවේදනය කළේ, 2030 වන විට ඉතිරි පරිශ්‍ර සඳහාද උපරිම පහසුකම් ලබා දීම සඳහා ආයෝජනය කරන බවයි.

මැයි මාසයේදී, 2025 Corporate Knights Global 25 Most Sustainable Public Sector Corporations in the World දර්ශකය මගින් NBN Co, දකුණු අර්ධගෝලයේ වඩාත්ම තිරසාර රාජ්‍ය අංශයේ ආයතනය ලෙස නම් කරා. සම්මාන නිර්ණායක අතර හරිතාගාර වායු විමෝචනය, සමාගමේ මෙහෙයුම්වල සමාජීය බලපෑම් ආදිය ඇතුළත් වුණා.

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025