ළඟ එන Spring එක කළඹන කාලගුණ අනාවැකිය

  • Home
  • /
  • News
  • /
  • ළඟ එන Spring එක කළඹන කාලගුණ අනාවැකිය

Winter එකෙන් පස්සේ Spring එක පිළිගන්න බොහෝ දෙනා හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ.   හිරු එළිය වැටෙන මල් පිපෙන උණුසුම් හා සුවඳ පිරුණු දවස් තමයි Spring එකේදී වැඩි දෙනෙක් දකින්න කැමති. 

ඒ වුනත් බලාපොරොත්තු වෙනවාට වඩා වැසි සහිත තෙත් කාලගුණයක් සහිතව නැගෙනහිර ප්‍රදේශ වලට spring එක එළඹෙන බව කාලගුණ අනාවැකිකරුවන් පුරෝකථනය කර තිබෙනවා. මෙය බොහෝ දෙනාගේ සතුටට කාරණාවක් වෙන්නේ නම් නැහැ.

රට පුරා පවතින අසාමාන්‍ය ලෙස උණුසුම් මුහුදු උෂ්ණත්වය, ලබන මාසයේ නව සමය ආරම්භ වන විට තවදුරටත් වැසි, ගිගුරුම් සහිත වැසි සහ ගංවතුර ඇතිවීමේ ඉඩ වැඩි කරනු ඇති බව Weatherzone වාර්තා කරනවා.

ඉදිරි සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ වයඹ දෙසින් මතුවීමට අපේක්ෂා කරන negative Indian Ocean Dipole (IOD) රටට ඇතුල් වෙනවා. Negative IOD එක ඉන්දියානු සාගරයේ සාගර මතුපිට උෂ්ණත්වය, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමිය දෙසට තෙතමනය සහිත වාතය ගෙන ඒමට හේතු වෙනවා. ඒවා රටේ දකුණු සහ ගිනිකොන දෙසින් සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාවක් ඇති කරනවා.

වසන්ත සමයේදී ඕස්ට්‍රේලියාව වටා සාගර උෂ්ණත්වය සාමාන්‍යය අගයට වඩා උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම සාපේක්ෂව උණුසුම් ජලය මේ Spring එකේදී ඕස්ට්‍රේලියානු මහාද්වීපය පුරා වැසි සහ වලාකුළු සහිත තෙත් වායුගෝලයක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇති බව Weatherzone දක්වා සිටියා.

ඉදිරි මාසවලදී La Nina හෝ El Nina කාලගුණ රටාවක් වර්ධනය වෙන බවටත් අනාවැකි පැවසෙනවා.

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශ තෙත් සහිත කාලගුණයක් බලාපොරොත්තුවෙන් සිටින අතර, සමහර උතුරු සහ බටහිර ප්‍රදේශ සඳහා අසාමාන්‍ය ලෙස වියළි වසන්තයක් අපේක්ෂා කෙරෙනවා. වැසි නොමැතිකම නිසා සාමාන්‍යය අගයට වඩා දිවා කාලයේ දී උණුසුම් උෂ්ණත්වයන් අපේක්ෂා කරන්න පුළුවන්.

උතුරු ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල මෙම වසන්තයේ දී සාමාන්‍ය උපරිම උෂ්ණත්වය, ඉහළ අගයන් වල පැවතිය හැකියි. මෙම අසාමාන්‍ය ලෙස උණුසුම් උෂ්ණත්වය වියළි කාලයේ අවසාන මාසවලදී ලැව්ගිනි ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට ඉඩක් තිබෙනවා.

නමුත් දකුණු සහ නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ සඳහා, දිවා කාලයේ දී වළාකුළු සහිත පරිසරයක් පවතිනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. ගිම්හානය දක්වා උෂ්ණත්වය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන නමුත් බොහෝ කලාපවල දිවා කාලය සිසිල් බවකින් යුක්ත වේවි.

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025