ලොවම නසන න්‍යෂ්ටික යුද්ධයේ අඳුරු පැත්ත

  • Home
  • /
  • News
  • /
  • ලොවම නසන න්‍යෂ්ටික යුද්ධයේ අඳුරු පැත්ත

න්‍යෂ්ටික යුද්ධය කියන වචනය බොහෝ දෙනෙක්ට ගොඩක් හුරු පුරුදු වචනයක්. නමුත් මෙය මොන තරම් දරුණුද කියන දේ පිලිබඳ තවමත් වැඩි දෙනෙක්ට අවබෝධයක් නැහැ. 

ජාතීන් දෙකක් අතර ඇතිවන න්‍යෂ්ටික යුද්ධයකදී ලෝක ජනගහනයෙන් 99% ක් පමණ විනාශ වෙන්න පුළුවන්. න්‍යෂ්ටික යුද්ධයකදී ලෝකයට අත්විඳිය හැකි විනාශයේ තරම භයානක අනුකරණයකින් හෙළි කර තිබෙනවා.

සීතල යුද්ධයෙන් පසුව ලෝකය වඩාත් න්‍යෂ්ටික යුද්ධයකට සමීප වෙමින් සිටින අවස්ථාවක, එය වායුගෝලය විනාශ කර පුළුල් සාගතයක් ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීමක් ලෙස මෙම අනුකරණය පැමිණ ඇති බව The Sun වාර්තා කළා.

තාක්ෂණයේ සහ නවීන අවි ආයුධවල දියුණුවත් සමඟ, ඇති වන න්‍යෂ්ටික ගැටුමක් මානව වර්ගයාගේ ඉතිහාසයේ සටහන් වන වඩාත්ම මාරාන්තික අවස්තාවක් වෙන්න පුළුවන්. දැඩි ලෙස දුක් විඳින මිනිසුන්, අවතැන් වූවන් මිලියන ගණනක්, දැඩි ආහාර හිඟයක් සහ අත්‍යවශ්‍ය සේවාවන්ගේ ඇන හිටීම් මෙහි ප්‍රතිඵලයක් ලෙස දැකගන්නට ලැබේවි.

ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයකදී, රටවල් දෙකෙහිම මෙන්ම යුරෝපයේ සහ චීනයේ ජනගහනයෙන් 99% ක් මිය යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ලොව පුරා සිදුවන අනෙකුත් ප්‍රහාර ව්‍යසනකාරී සිදුවීම්වලට හේතු විය හැකියි. 

Pennsylvania State University එක විසින් කරන ලද නව අධ්‍යයනයකින් nuclear winter එකක බලපෑම් අනුකරණය කරන ලද අතර, මහා පරිමාණ ගෝලීය න්‍යෂ්ටික යුද්ධයකින් අළු ටොන් මිලියන 150 ක් වායුගෝලයට එක් කළ හැකි බව සොයාගෙන තිබෙනවා.

මෙය වායුගෝලයේ ආරක්ෂිත ස්ථරය වන ඕසෝන් වියනට හානි කිරීමට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කළ හැකි අතර පෘථිවි පෘෂ්ඨයට හිරු එළිය පැමිණීම අවහිර කිරීමට හේතු වෙනවා. තවද මෙය ගෝලීය ආහාර නිෂ්පාදනයට බලපාන අතර මිලියන ගණනක් ජනතාව සාගතයකට ඇද දැමිය හැකියි.

මෙවැනි න්‍යෂ්ටික යුද්ධයක් දශකයකට ආසන්න කාලයක් පවතිනු ඇති බවත් එය විනාශකාරී බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් අයව පුළුල් සාගතයකට ඇද දමන බවත් මේ simulation එකෙන් සොයාගෙන තිබෙනවා.

න්‍යෂ්ටික යුද්ධයකින් වසර 6-8 ත් අතර කාලයකදී UV-B එහි උපරිමයට පැමිණෙනු ඇති අතර, එය ගෝලීය උෂ්ණත්වය තියුනු ලෙස පහත දැමීමට හේතු වෙනවා. මෙමගින් සියලුම කෘෂිකාර්මික කටයුතු ඇන හිටිනවා.

ලෝකයේ බහුලවම වගා කරන ලද ධාන්‍ය වලින් එකක් වන ඉරිඟු විද්‍යාඥයින් විසින් මේ පරීක්ෂනයෙදී test subject ලෙස භාවිතා කළ අතර පුළුල් න්‍යෂ්ටික යුද්ධයක් වාර්ෂික ඉරිඟු අස්වැන්න 80% කින් පහත වැටීමකට හේතු විය හැකි බව සොයාගෙන තිබෙනවා.

පරමාණුක පිපිරීම සහ ඇතිවන ගින්න ආන්තික ගෝලයේ නයිට්‍රජන් ඔක්සයිඩ් නිපදවීමට හේතු වෙනවා. මෙම නයිට්‍රජන් ඔක්සයිඩ් සහ උෂ්ණත්වය ඕසෝන් ස්තරය වේගයෙන් විනාශ කළ හැකි අතර, එය පෘථිවි පෘෂ්ඨයේ UV-B විකිරණ මට්ටම් වැඩි කරනවා. මෙය ශාක පටක වලට හානි සිදු කිරීමෙන් ගෝලීය ආහාර නිෂ්පාදනය සීමා වෙනවා.

ගෝලීය ඉරිඟු නිෂ්පාදනය nuclear winter එකෙන් යථා තත්ත්වයට පත්වීමට අවුරුදු 7-12 ත් අතර කාලයක් ගත විය හැකි බව තමයි මේ simulations වලින් පෙන්වා දෙන්නේ.

මේ නරකම තත්ත්වයන් සඳහා සූදානම් වීමට බොහෝ රටවලට සැලසුම් ඇති බව වටහාගෙන තිබෙනවා. අවශ්‍යතාවයක් ඇති විටෙක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට ලබා දීම සඳහා ශක්තිමත් ආහාර සැපයුම් පද්ධති මෙහිදී අත්‍යවශ්‍ය අංගයක් වෙනවා.

මාස කිහිපයකට පෙර, ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම් ඇති වුණා. දෙරට ඉක්මනින් සටන් විරාමයකට එකඟ වූ අතර, ගැටුම උග්‍ර වූවානම් එය න්‍යෂ්ටික යුද්ධයකට හේතු විය හැකි බව විශේෂඥයින් මත පල කළා. ඉන්දියාව මෙන්ම පකිස්ථානය ද කලාපයේ සම්පූර්ණ විනාශයක් ඇති කිරීමට ප්‍රමාණවත් න්‍යෂ්ටික බලයකින් සන්නද්ධයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ද ලෝකය භයානක තත්ත්වයකට ඇද දමා තිබෙනවා. Moscow බටහිර රටවල් සමඟ න්‍යෂ්ටික යුද්ධයක් සඳහා තම පුරවැසියන් සූදානම් කරමින් සිටිනවා. 

මේ අතර, Kremlin වලින් ඇමරිකාවට එල්ල වන තර්ජන වලින් පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ එක්සත් ජනපදය න්‍යෂ්ටික යුද්ධයකට සම්පූර්ණයෙන්ම සූදානම් බවයි. ගැටුම උත්සන්න වූ අවස්තාවකදී, රුසියාව අසල න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් ස්ථානගත කිරීමට ඇමරිකා ජනාධිපතිවරයා නියෝග කළා.

න්‍යෂ්ටික යුද්ධයක් පිලිබඳ බිය උත්සන්න වූයේ රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති Dmitry Medvedev, එක්සත් ජනපදය Moscow සමඟ යුද්ධයක් සඳහා දැඩි පියවර ගනිමින් සිටින බවට අනතුරු ඇඟවීමෙන් පසුවයි.

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025