ඔයා ප්‍රාන්ත 2ක් අතර කොහේ හරි යනවනම් ඔයාගේ ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් වේගවත්ම මාර්ගය සැලසුම් කර ගන්නවා. ඒ වුණාට දැනගෙන හිටියද එක එක ප්‍රාන්තය හෝ ප්‍රදේශය අනුව ඔයාට රිය පදවන්න පුළුවන් වේග සීමාවන් සහ නීති වෙනස් වන බව.
ඒ වගේම විවිධ ප්‍රාන්ත සහ ප්‍රදේශවල වේගය ඉක්මවා රිය පදවන අයට දැඩි දඩ සහ බලපත්‍ර අත්හිටුවීම් සමඟින් එකිනෙකට වෙනස් වුනු දඬුවම් ක්‍රියාත්මක කරනවා.
උපරිම වේග සීමාව නියම කිරීමේදී, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත සහ ප්‍රදේශ ආදර්ශ ජාතික මාර්ග නීති අනුගමනය කර තිබෙනවා. මේ නීති යටතේ: පළ කර ඇති වේග සීමාවන් 110km/h ට සීමා කර තිබෙනවා. වේග සීමාවක් නොමැති අවස්ථා වල, default speed limit එක built-up areas වල 50km/h ක් වන අතර rural areas වල 100km/h ක් වෙනවා.
මෙම නීති අනුගමනය නොකරන එකම ප්‍රදේශ 2 වන්නේ Western Australia සහ Northern Territory එක පමණයි. Northern Territory එකේ posted speed limit එක 130km/h ක් දක්වා ඉහළ යා හැකි අතර, default speed limits, built-up areas සඳහා 60km/h, සහ rural areas සඳහා 110km/h ක් වෙනවා. බටහිර ඕස්ට්‍රේලියාවේ, ප්‍රකාශිත වේග සීමාවන් 110km/h කට සීමා කර ඇති අතර, default speed limit එක built-up areas වල 50km/h, සහ rural areas සඳහා 110km/h ක් වෙනවා.
States අතර රිය පැදවීමේදී, පාසල් කලාප පිළිබඳව දැනුවත් වීම ද වැදගත්. සියලුම කලාපවල School zones වල වේග සීමාව 40km/h ක් වන අතර, දකුණු ඕස්ට්‍රේලියාවේ පමණක් වේග සීමාව 25km/h ක්. දකුණු ඕස්ට්‍රේලියාවේ, මෙම වේග සීමාව පාසල් කලාපවල පමණක් නෙවෙයි, විදුලි පහන් දැල්වෙන සෑම අවස්ථාවකදීම children’s crossings වලත් ක්‍රියාත්මක වෙනවා.