කලින් articles වලින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ එක් එක් states සහ territories වල තිබෙන උසස් අධ්‍යාපන අවස්ථා ගැන. අද අපි කියන්නේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අධ්‍යාපන ක්‍රම අතර තිබෙන සමානකම් සහ වෙනස්කම් ගැන. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය බොහෝ දුරට එක හා සමාන අධ්‍යාපනයක් තිබෙන රටවල් 2ක්. ඉතින් අපි බලමු ඕස්ට්‍රේලියානු අධ්‍යාපනය කොහොමද නවසීලන්තයේ තිබෙන ක්‍රමයෙන් වෙනස් වෙන්නේ කියලා.
නවසීලන්තයේ අධ්‍යාපන ක්‍රමය certificates (level 1) සිට ආචාර්ය උපාධි (level 10) දක්වා විවිධ මට්ටම් වලින් සමන්විත වෙනවා. මෙම මට්ටම්වලට certificates, diplomas, bachelor’s degrees, master’s degrees, සහ PhD ඇතුළත් වෙනවා.
ඔයා ඕස්ට්‍රේලියානු පුරවසියෙක්නම් ඔයා ඉතා පහසුවෙන්ම නවසීලන්ත විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලබනවා. ඒ සඳහා වෙනම visa ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ හොඳම විශ්ව විද්‍යාල
ඕස්ට්‍රේලියාව වගේම නවසීලන්තයත් සුවිශේෂී උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා.
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ හොඳම විශ්ව විද්‍යාල කිහිපයක්;
Best Universities in New Zealand
- The University of Auckland
- University of Otago
- Victoria University of Wellington
- University of Canterbury
- Massey University
Best Universities in Australia
- Australian National University
- The University of Melbourne
- The University of Sydney
- The University of New South Wales
- The University of Queensland
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉහළම පාඨමාලා
Engineering, Medicine, Computer Science, Education, Business Administration (MBA), Healthcare, Information Technology, සහ Hotel Management වැනි ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ඔස්ට්‍රේලියාව විශේෂත්වයක් ගන්නවා.
අනෙක් අතට, ඔබ Healthcare, Business IT/Computing, හෝ Hotel Management වැනි ක්ෂේත්‍ර කෙරෙහි උනන්දුවක් දක්වනවා නම්, නවසීලන්තය ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා සලකා බැලිය හැකියි.
ඉදිරියේදී මේ රටවල් දෙකෙහි උසස් අධ්‍යාපනයට යන වියදම් ආදිය සංසන්දනාත්මකව බලමු.