කෑම ගන්නේ packet එකේ ‘e’ සලකුණ ගැන දැනගෙනද?

  • Home
  • /
  • Blog
  • /
  • කෑම ගන්නේ packet එකේ ‘e’ සලකුණ ගැන දැනගෙනද?

ඇසුරුම් කරපු කෑම ගන්නකොට packet එක හොඳට බලනවද? හොඳට බලන කෙනෙක්නම් ඔයා දැකල තිබෙන ඒත් බොහෝ දෙනෙක් තේරුම දන්නේ නැති දෙයක් ගැනයි අපි මේ කියන්න හදන්නේ.

චීස්, cereal, බටර්, chips වගේ pre-packaged  food products වල සඳහන් කරලා තිබෙන බරට පසුව දිස්වන “e” සංකේතයක් හෝ e-සලකුණක් ඔයා දැනටමත් දැකලා ඇති. දැකල නැත්නම් දැන්ම බලන්න. මේ e සලකුණෙන් කියවෙන දේ ගැන එකිනෙකා අතර විවිධ මත තිබෙනවා. අද අපි ඔයාට මේකේ ඇත්තම තේරුම කියනවා. 

National Measurement Institute හි Tony Blefari පවසන ආකාරයට එය නිෂ්පාදන බරෙහි වෙනස්කම් වලට සම්බන්ධ වන අතර, බරෙහි කොපමණ විචලනයක් තිබිය හැකිද කියන දේ පිළිබඳව මේ මගින් අදහසක් ලබා දෙනවා.

e-සලකුණෙන් අදහස් කරන්නේ මොකක්ද?

නිෂ්පාදනයක ඇසුරුම්වල ඇති e-සලකුණෙන් අදහස් කරන්නේ එය සාමාන්‍ය ප්‍රමාණ පද්ධතියට (Average Quantity System – AQS) අනුව ඇසුරුම් කර නිෂ්පාදනය කරන බවයි.

මෙම e සලකුණ ඔස්ට්‍රේලියාව තුල අදාළ වෙන දෙයකට වඩා යුරෝපීය සංගමයේ නීතියට වඩාත් සම්බන්ධ වෙනවා. Blefari පවසන්නේ e-සලකුණ සහ AQS හි ප්‍රංශ සම්භවයක් ඇති බවයි. ජාතික මිනුම් ආයතනයට (National Measurement Institute) අනුව, AQS යනු පෙර ඇසුරුම් කරන ලද භාණ්ඩවල තරම හෝ ප්‍රමාණය තීරණය කිරීම සඳහා ජාත්‍යන්තරව එකඟ වූ ක්‍රමයක්. 

එය ජාතික රෙගුලාසිවලට යටත් වන අතර අවම වශයෙන් එකම කාණ්ඩයෙන් packages 100 ක ප්‍රමාණයකින් භාණ්ඩ ඇසුරුම් කරන මහා පරිමාණ ඇසුරුම් කම්හල්වල භාවිතය සඳහා පවතිනවා. එය ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රමිතියක් නිසා ඕස්ට්‍රේලියානු ආහාර නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන අපනයනය කිරීමේදී මෙය උපකාරී වෙනවා.

අලෙවිකරණය, සිල්ලර වෙළඳාම සහ පාරිභෝගික හැසිරීම පිළිබඳ සහකාර මහාචාර්ය Louise Grimmer පවසන්නේ AQS යටතේ ආහාර පැකේජවල බර නිශ්චිත විය යුතු නැති බව පාරිභෝගිකයින්ට තේරුම් ගැනීමට මෙය ප්‍රයෝජනවත් වන බවයි. 

ආචාර්ය Grimmer පවසන්නේ සාමාන්‍යයෙන් තමන් විසින්ම ආහාර සෑදීම හෝ සකස් කිරීම ලාභදායී වුණත්, pre-packaged products මගින් ලබා දෙන පහසුව නිසාම තරමක් වැඩි මුදලක් ගෙවා ඒවා ලබා ගැනීමට බොහෝ පාරිභෝගිකයින් කැමති බවයි.

e සලකුණ සඳහන් දෙයක බර හෝ පරිමාව කොපමණ වෙනස් වෙන්න පුලුවන්ද?

මෙම ප්‍රමාණය සරලවම කියන්න අමාරුයි. මොකද එය නිෂ්පාදනය නිපදවන ප්‍රමාණය වැනි සාධක මත රඳා පවතින නිසා. Blefari මහතා පවසන්නේ යම් අඩුවක් හෝ සාධාරණ ඌනතාවයක් සඳහා අවසර දී ඇති බවයි.

උදාහරණයක් ලෙස, ඔහු පවසන්නේ බටර් 500g sticks 500 ක තොගයක, sticks 7ක 15g ක් හෝ 3% ක අඩුවක් තිබීම පිළිගත හැකි බවයි. සාරාංශයක් ලෙස, මේ යටතේ ඇති ආහාර පැකට්ටුවක අන්තර්ගතය ලේබලයට ගැලපෙන බවට 97.5% ක සහතිකයක් තිබෙනවා.

මහා පරිමාණ වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරන ලද ආහාරවල සැලකිය යුතු විෂමතා ඉතා දුර්ලභ බව පාරිභෝගික ප්‍රචාරක Christopher Zinn පවසනවා. ඔහු පවසන්නේ අඩු විධිමත් බවකින් එන දේශීය නිෂ්පාදන වල හිතාමතාම මෙලෙස අඩු බරක් තිබීමේ ඉඩක් ඇති බවයි.

ඔබට අසාධාරණ ලෙස බර අඩු නිෂ්පාදනයක් අලෙවි කලොත් කල යුත්තේ කුමක්ද?

මේ විදිහට ඔබ මිලදී ගන්න pre-packaged ආහාරයක් අඩුවෙන් පිරී ඇති බව, සැහැල්ලු බව, සමාන නිෂ්පාදන හා සැසඳීමේදී දුර්වල ලෙස හෝ ඔබේ නිවසේ තරාදියෙන් කිරා බලන විට බර අඩු බව දුටුවහොත්, සිල්ලර වෙළෙන්දා හෝ නිෂ්පාදකයා අමතන්නැයි Blefari මහතා පවසනවා.

ඒ වගේම ප්‍රමාණවත් තොරතුරු සමග ඔවුන්ගේ ආයතනය සම්බන්ධ කර ගත හැකි බවත් ඔහු වැඩි දුරටත් දක්වනවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025