වික්ටෝරියානු රජය විසින් Macedon කඳුවැටියේ Riddells Creek හි නිවාස 1,360 කින් යුත් නව නිවාස ක්‍රමයක් අනුමත කර තිබෙනවා. මෙම අලුත් සංවර්ධනය නගරයේ ජනගහනය දෙගුණ කරනු ඇති අතර, ප්‍රාදේශීය සභාව සහ පදිංචිකරුවන් එයට විරුද්ධව සිටිනවා.
ප්‍රබල ප්‍රජා විරෝධය නොතකා, වික්ටෝරියානු රජය මෙලෙස මෙල්බර්න් සිට 57km ක් උතුරින් පිහිටි Macedon කඳුවැටියේ Riddells Creek හි ප්‍රධාන නිවාස සංවර්ධන ව්‍යාපෘතිය අනුමත කර තිබෙනවා.
Amess පාරේ හෙක්ටයාර 131 ක වතුයායට නව නිවාස 1,360 ක්, ප්‍රජා මධ්‍යස්ථානයක් සහ උද්‍යාන භූමියක් ඇතුළත් වෙනවා.
ඒ අනුව මෙම නිස්කලංක ග්‍රාමීය නගරයේ ජනගහනය දෙගුණයකට ආසන්නව වැඩි කරමින්, මෙම නිවාස වල 3,800 ක පමණ පිරිසක් පදිංචි වනු ඇත.
Macedon Ranges Shire Council එක සහ ප්‍රජා කණ්ඩායම් කිහිපයක් 2018 සිට මෙම යෝජනාවට විරුද්ධ වී තිබෙනවා. පදිංචිකරුවන් 1,200 කට වැඩි පිරිසක් ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමකට අත්සන් තැබූ අතර, සංවර්ධනයේ පරිමාණය සහ නගරයේ ස්වභාවය කෙරෙහි එහි බලපෑම පිළිබඳව ඔවුන් කනස්සල්ල පළ කරනවා.