දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 80 ක් සනිටුහන් කරමින් සැප්තැම්බර් 3 වන දින බීජිං හි Tiananmen චතුරශ්‍රයේ සැමරුම් උත්සවයක් පැවැත්වෙනවා.
හිටපු කම්කරු පක්ෂ අගමැතිවරුන් වන Daniel Andrews සහ Bob Carr ද චීන හමුදා පෙළපාලියකට ආරාධනා ලබා ඇති අතර, ආරාධිත ලැයිස්තුවට ව්ලැඩිමීර් පුටින් සහ කිම් ජොන් උන් ද ඇතුලත්.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට ජනාධිපති Xi Jinpingගේ ආරාධනය රුසියානු ජනාධිපති Vladimir Putin සහ ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto වෙතද යවා තිබෙනවා.
අග්නිදිග ආසියාවේ පැරණි මිතුරන් හමුවීමට බලාපොරොත්තු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිකුරාදා පස්වරුවේ Carr මහතා තම පැමිණීම තහවුරු කරා.
චීන ජනතාව සමඟ ගැඹුරු මිත්‍රත්වයක් ගොඩනඟා ගත් ජාත්‍යන්තර මිතුරන්ට ආරාධනා කළ බව චීනයේ සහකාර විදේශ අමාත්‍ය Hong Lei පවසනවා.
Covid-19 වසංගතයෙන් පසු චීනයට ගිය පළමු ඕස්ට්‍රේලියානු නායකයා Andrews මහතා වන අතර, ඔහු ප්‍රාන්ත රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ චීනය සමඟ ඉතා හොඳ සම්බන්ධතාවක් පැවැත්වුවා.