800 කට වඩා බිලිගත් දරුණු භූ කම්පනය

  • Home
  • /
  • Blog
  • /
  • 800 කට වඩා බිලිගත් දරුණු භූ කම්පනය

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ දරුණුතම භූමිකම්පාවකින් පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් මිය ගොස් 2800 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බලධාරීන් සඳුදා ප්‍රකාශ කළා. සුන්බුන් අතරින් බේරා ගන්න තුවාල ලැබූවන් රෝහල් වෙත ගෙන යන්නේ හෙලිකොප්ටර් යානා මගින්.

රික්ටර් පරිමාණ 6 ක භූමිකම්පාවෙන් නැගෙනහිර Kunar සහ Nangarhar පළාත්වල අවම වශයෙන් පුද්ගලයින් 812ක් මිය ගිය බව Taliban පාලනය කරන Afghan අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවා. මේ මගින් 1,500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස ගණනාවක් විනාශ වී තිබෙනවා.

භූමිකම්පාවෙන් Kunar හි ගම්මාන තුනක් විනාශ වූ අතර තවත් බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු හානියක් සිදු වූ බව බලධාරීන් පවසනවා. Kunar හි අවම වශයෙන් පුද්ගලයින් 610 දෙනෙකු මිය ගිය අතර Nangarhar හි 12 දෙනෙකු මිය ගිය බව ඔවුහු වැඩිදුරටත් පැවසූවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගුවන් ගමන් 40 කින් තුවාල ලැබූ සහ මියගිය 420 දෙනෙකු රැගෙන ගොස් ඇති බවයි. මේ දක්වා කිසිදු විදේශීය රජයක් ගලවා ගැනීමේ හෝ සහන කටයුතු සඳහා සහාය ලබා දීමට ඉදිරිපත් වී නැති බව විදේශ කාර්යාල ප්‍රකාශකයෙක් පවසා තිබුණා.

ඇෆ්ගනිස්ථානය මාරාන්තික භූමිකම්පා වලට ගොදුරු වේ, විශේෂයෙන් ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි හමුවන Hindu Kush කඳු වැටියේ මාරාන්තික භූ කම්පන ඇති වීමේ වැඩි ඉඩක් පවතින නිසා ඇෆ්ගනිස්ථානය මෙලෙස නිතර අවධානමට ලක් වෙනවා. පසුගිය වසරේ එහි බටහිර ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පා මාලාවකින් 1,000 කට වැඩි පිරිසක් මිය ගියා.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025