ගං වතුරක් අරගෙන ළඟ එන මහා වැසි

  • Home
  • /
  • Blog
  • /
  • ගං වතුරක් අරගෙන ළඟ එන මහා වැසි

උණුසුම් හා අව්ව සහිත කාලගුණයක් සමග Spring එක ආරම්භ වුණත් එය දිගු කාලයක් එලෙසම නොපවතින බවට අනාවැකි නිකුත් කර තිබෙනවා. එම කාලගුණ අනාවැකි වලට අනුව අසාමාන්‍ය ලෙස ඉහළ වර්ෂාපතනයක් ඉක්මනින් නැගෙනහිර සහ මධ්‍යම ඕස්ට්‍රේලියාවට බලපෑමට නියමිතයි.

මෙම වසරේ අගෝස්තු මාසයේදී alpine කලාප කිහිපයක polar blasts සහ frigid temperatures දැකගන්න ලැබුණා. දින කිහිපයකට පෙර වික්ටෝරියා හි Hotham කන්ද මත “mega-blizzard” එකක් 77cm ක බලපෑමක් ඇති කළා.

එය සිඩ්නි සහ නැගෙනහිර වෙරළ තීරයේ සමහර ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාපතනයක් ගෙන ආ අතර, අගෝස්තු අවසානයට පෙර  Harbour City හි මාසික වර්ෂාපතන සාමාන්‍යය අගය මෙන් හතර ගුණයක් වුණා.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ අනාවැකිවලට අනුව, මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන්ට Spring එක පුරා තවත් වැසි ඇද හැලීමකට මුහුණ දීමට සිදුවෙනවා.

සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර අර්ධයේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනය සාමාන්‍යය අගයට වඩා 60-80% ක වැඩිවීමක් අපේක්ෂා කරන බව Bureau of Meteorology පුරෝකථනය කරනවා.

“නැගෙනහිර සහ මධ්‍යම ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල අසාමාන්‍ය ලෙස ඉහළ වර්ෂාපතනයක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇත” යනුවෙන් එම කාර්යාංශයේ අනාවැකියක සඳහන් වුණා.

ජල ගැල්මක් ඇති වීමේ තර්ජනයට අමතරව, මෙම සතියේ සිට අගනගර කිහිපයකම දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Brisbane හි, බදාදා වන විට උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර සතියේ ඉතිරි කාලය සඳහා සෙල්සියස් අංශක 25 ක පමණ අගයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Adelaide සෙනසුරාදා සෙල්සියස් අංශක 25 ක් දක්වා ඉහළ යන විට Alice Springs හි උපරිමය සෙල්සියස් අංශක 33 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

රටේ බටහිරින්, සිකුරාදා cold front එකක් හමා යාමට නියමිත අතර, පසුව සතියේ අවසාන දින තුන සඳහා තෙත් කාලගුණය පවත්වා ගෙන යන අඩු පීඩන පද්ධතියක් ඇති වෙනවා.

සතිය පුරා, Sydney හි අහසේ බොහෝ දුරට අව්ව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, සිකුරාදා පමණ වන විට ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 23 ක් අපේක්ෂා කරනවා.

Melbourne හි සතිය පුරා වැසි ඇති වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. උෂ්ණත්වය උපරිම අගයන් 22-23C දක්වා ඉහළ යනු ඇත.

උතුරු සහ ගිනිකොනදිග ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි විය හැකි අතර, උතුරේ සහ ගිනිකොන ඈත ප්‍රදේශවල අසාමාන්‍ය ලෙස උණුසුම් දින ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙනවා.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025