Recall කරන වාහන අතර ඔයත් ඉන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • Recall කරන වාහන අතර ඔයත් ඉන්නවද?

ඕස්ට්‍රේලියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Hyundai සමාගමට, ප්‍රධාන ආරක්ෂක ගැටළුවක් හේතුවෙන් එහි වඩාත්ම ජනප්‍රිය වාහනයක් recall කිරීමට සිදු වී තිබෙනවා.

බරපතල තුවාල ඇති කළ හැකි දෝෂයක් හඳුනා ගැනීමෙන් පසු Hyundai Australia, එහි ජනප්‍රිය i30 hatchback රථ 18,000කට වඩා සැලකිය යුතු ආපසු කැඳවීමක් නිවේදනය කර තිබෙනවා.

එන්ජිම ඇනහිටීමට හේතු විය හැකි fuel pump impeller එකෙහි දෝෂයක් හඳුනා ගැනීමෙන් පසුව, මෙය 2020 සහ 2021 අතර නිෂ්පාදනය කරන ලද i30 PD මාදිලිවලට ගැටළුව සම්බන්ධ බව හඳුනා ගැනුණා.

“නිෂ්පාදන දෝෂයක් හේතුවෙන්, ඇතැම් පාරිසරික තත්ත්වයන් යටතේ fuel pump impeller එක විකෘති වී ඉන්ධන සැපයුමට බාධා ඇති විය හැක. මෙය සිදුවුවහොත්, එන්ජිම ඇනහිටිය හැකි අතර එමඟින් sudden loss of motive power තත්ත්වයක් ඇති විය හැකිය. රිය පැදවීමේදී ඇතිවන sudden loss of motive power තත්ත්වයකින් වාහන රියදුරන්ට සහ/හෝ වෙනත් මාර්ග භාවිතා කරන්නන්ට තුවාල හෝ මරණයට හේතු විය හැකි අනතුරු සිදුවිය හැක.” යනුවෙන් සඳහන් කරමින් දැන්වීම නිකුත් කර තිබුණා.

Hyundai Motor Company Australia (HMCA) විසින් බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන් ලිඛිතව සම්බන්ධ කර ගන්නා අතර, fuel pump impeller එක පරීක්ෂා කර නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා හමුවීමක් වෙන්කරවා ගන්නා ලෙස ඔවුන්ට උපදෙස් දෙනු ලබනවා.

මෙම recall එක, මෑත වසරවලදී Hyundai වාහන මුහුණ දුන් ගැටළු කිහිපයකින් එකක් පමණි. මෑතකදී, 2020 සහ 2023 අතර නිෂ්පාදනය කරන ලද Kona N (OS) සහ i30 Sedan N (CN7) මාදිලි ඇතුළුව වාහන 4700 කට වැඩි ප්‍රමාණයක් වෙනම ගැටළුවක් හේතුවෙන් ආපසු කැඳවනු ලැබුවා.

ඔබත් මෙම වාහනයක හිමිකරුවෙක්නම් ඔයාගේ Vehicle Identification Number (VIN) එක Hyundai හි online recall tool එකට ඇතුලත් කරලා ඔයාගේ වාහනයටත් මෙම තත්ත්වය අදාළ වෙනවද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්.

 

 

Image credit goes to by : https://www.flickr.com/photos/dennism2/33766302424

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025