Phone භාවිතයට වැට බැඳපු AI කැමරා

  • Home
  • /
  • Blog
  • /
  • Phone භාවිතයට වැට බැඳපු AI කැමරා

රිය පැදවීමේදී හෝ red light එකේදී නවතාගෙන සිටින විට ජංගම දුරකථනයක් භාවිතා කරන, ස්පර්ශ කරන හෝ අල්ලාගෙන සිටින රියදුරන් හඳුනා ගැනීමට නව කැමරා භාවිතා වෙනවා. ඒවාට බහු මංතීරු කිහිපයක්ම වුනත් නිරීක්ෂණය කිරීමට හැකි වන අතර ඕනෑම කාලගුණයක් හෝ ආලෝක තත්ත්වයකදී ක්‍රියා කළ හැකියි.

Tasmania වල Hobart හි Tasman Bridge එකෙහි කැමරා පෙර සිටම භාවිත කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අල්ලා ගන්නා ලද රියදුරන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2021–2022 මුළු කාලය තුළ සතියකට 458 ක් පමණක් වූ එය කැමරා භාවිතයත් සමග සතියකට 700 ක් පමණ වුණා.

AI මගින් රියදුරන්ට වැරදි ලෙස චෝදනා එල්ල වීම වැළැක්වීම සඳහා, රියදුරෙකු ජංගම හඳුනා ගැනෙන සියලුම අවස්ථා වලදී රියදුරන්ට දඩ නිකුත් කිරීමට පෙර මිනිසෙකු විසින් එය නිවැරදි බව පරීක්ෂා කෙරෙනවා. මෙම වරද  $1,209 දක්වා දඩ සහ demerit points 5කට හේතු වෙනවා. නැවත නැවත වැරදි කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවිය හැකියි.

වේගය, ආසන පටි, වාහන නැවැත්වීම සහ තවත් බොහෝ දේ සම්බන්ධයෙන් නව දඬුවම් සමඟ AI කැමරා ජූලි 1 වන දින ක්‍රියාත්මක වීම ඇරඹුනා. Mobile speed cameras මගින් දැන් ආසන පටි පැළඳ නොසිටින්නන් හඳුනා ගත හැකියි. 

ඇමරිකා එක්සත් ජනපදයේ, මෝටර් රථ කුලියට දෙන සමාගමක් වන  Hertz, මෝටර් රථ කුලියට දෙන වාහන නැවැත්වීමේ ස්ථානයට පිටවන විට හෝ ඇතුළු වන විට, හානි හඳුනා ගන්නා AI බලයෙන් ක්‍රියාත්මක වන vehicle scanners දියත් කිරීම ආරම්භ කිරීමෙන් පසු AI මෙම තාක්ෂනය වඩාත් භාවිතයට පැමිණියා.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025