Interview එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයා රැකියාවක් ලබා ගැනීමේ දෙවන අදියර. සේවා යෝජකයින්ගෙන් 77% ක් පමණ පිරිසක්, බඳවා ගැනීමේ ක්‍රියාවලියේ වැදගත්ම පියවර ලෙස මේක සලකනවා. සම්මුඛ පරීක්ෂණයක් කියන දේ කෙනෙක්ට තරමක් පීඩාකාරී දෙයක් විය හැකි වුණත්, කලින් සූදානම් වීම interview එකකදී ඔයාව කැපී පෙනෙන කෙනෙක් කරනවා.
www.yourcareer.gov.au වෙබ් අඩවිය දක්වන ආකාරයට සේවා යෝජකයින් බොහෝ දුරට සොයන්නේ ඔයා අලුත් රැකියාවට ලබාගන්න ප්‍රවේශය සහ වැඩ කිරීමේදී අදාළ වෙන ආකල්ප (49%), ඔයාගේ සංස්කෘතික යෝග්‍යතාවය, පෞරුෂය සහ ඉදිරිපත් කිරීම (43%) යි.
Interview එකකදී employers ලා අවධානය යොමු කරන දේවල්;
- Approach and attitude to work
- Skills, knowledge and experiences
- Personal values
- Communication and interpersonal skills
- Cultural fit
Interview එකකට සූදානම් වීමේදී ඔයා මතක තබාගත යුතු මූලිකම දේවල් කිහිපයක් තමයි;
- මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු සමඟ සම්මුඛ පරීක්ෂණයෙදී ඇසිය හැකි ප්‍රශ්න පුහුණු වෙලා යන්න.
- සම්මුඛ පරීක්ෂණයේදී ඇසීමට ඉඩ ඇති රැකියාව සහ ව්‍යාපාරය සම්බන්ධ ප්‍රශ්න ගැන සිතන්න. මෙය ඔබේ උනන්දුව පෙන්නුම් කරන අතර ඔබ සූදානම් බව පෙන්නුම් කරන්න උදව් වෙනවා.
- ඔබේ ඉදිරිපත් කිරීම කරන විදිහ සහ ඔයා අඳින්නේ කුමක්ද යන්න සිතන්න. මෙවැනි අවස්තාවකදී first impression එක වැදගත්.
- ප්‍රමාද වෙන්න එපා. ඔයා යා යුතු ස්ථානය සොයා බලලා හරියටම දැනගන්න. අදාළ වෙලාවට විනාඩි 10 කට පමණ පෙර අදාළ ස්ථානයට යන්න ඉලක්ක කරගන්න.
පෙර අත්දැකීම් වලින් උදාහරණ භාවිතා කරමින් රැකියාවට ඔබ ගෙන එන කුසලතා (ඔබේ රැකියා නියුක්ති කුසලතා ඇතුළුව) පැහැදිලි කිරීමටත් ඔයා සූදානම් විය යුතුයි.
Employers ලාට ඔවුන් වැඩ කරන්නේ කා සමඟද කියන දේ දැන ගැනීමට අවශ්‍ය වෙන නිසා interview එක කියන්නේ මෙය නිරූපණය කරන්න ඔයාට තිබෙන හොඳම අවස්ථාව.