ඔන්න පසුගිය සතියේ Hogwarts වල අලුත් පාසල් වසර ආරම්භ වුණා. ඉතින් ඒත් එක්කම ඔයාටත් Wizarding World එකට යන්න අවස්ථාවක් තියෙනවා.
Harry Potter fans ලාට අද අපි කියන්න හදන්නේ ඒ ගැන. ඒ තමයි ‘Harry Potter: The Exhibition’. හැරී පොටර් චිත්‍රපට මාලාවේ ඔබේ ප්‍රියතම අවස්ථා, චරිත, ස්ථාන සහ සතුන් ඇතුළු Harry Potter universe එකේ සෑම තැනකටම ඔබව ගෙන යන අරුම පුදුම ප්‍රදර්ශනයක් තමයි මේක.
මායා ලෝකයේ ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා ඔබේ යහළුවන් සමඟ Quidditch™ පුහුණු වෙන්න, Mandrake පානයක් සාදන්න වගේ තවත් බොහෝ දේ සඳහා මෙහිදී ඔයාට අවස්ථාව ලැබෙනවා. ඉක්මන් කලොත් ඔයාට සමහර sessions සඳහා ලබාදෙන 25%ක වට්ටම ලබාගන්නත් පුළුවන්.
VIP Ticket එකක් ගත්තොත් operating hours තුළ ඕනෑම දිනක සහ වේලාවක ඔබට එහි යන්න පුළුවන්. ඒ වගේම මේකට audio guide එකක් සහ තවත් දේ ඇතුළත්. Operating hours තුළ ඕනෑම දිනක සහ වේලාවක ප්‍රවේශ වෙන්න පුළුවන් Flex Ticket එකක් ගන්නත් පුළුවන්.
Harry Potter: The Exhibition එක බලන්න යන ඔයාට;
- Harry Potter universe එකට ඇත්තටම පිවිසෙන්න ඇඳුම් පැළඳුම් වගේම සුවිශේෂී ස්ථාන ආදිය දැකබලා ගන්න.
- ඔයාගේ Patronus එක මවාගන්න, හංගේරියානු මකරෙක් සමග මුහුණට මුහුණ ගැටෙන්න, ඔයාගේ Quidditch කුසලතා පරීක්ෂා කරන්න, ඔයාගෙම potion එකක් හදාගන්න.
- හැරී පොටර් චිත්‍රපට මාලාව ජීවයට ගෙන ආ ආකාරය ගැන behind-the-scenes නරඹන්න.
- හැග්‍රිඩ්ගේ කුඩා නිවාස, Great Hall එක ඇතුළු සංකේතාත්මක ස්ථාන හරහා ඇවිද යන්න.
- ඔයා කැමතිම හැරී පොටර් භාණ්ඩ මිලදී ගන්න.
- මේ සුන්දර අත්දැකීම පුරාවට වෙනස්ම ආකාරයේ photos ගන්න.
- ලොව පුරා මිලියන 3.3 කට වැඩි අමුත්තන් සතුටු කළ මැජික් ලෝකයේ කොටසක් වන්න
- වඩාත් විස්තරාත්මක අත්දැකීමක් ලබාගන්න, වගේම behind-the-scenes දැනගන්න audio guide එකට සවන් දෙන්න.
- විශේෂ කෙනෙකුට මතකයන් තෑගි කරන්න හැරී පොටර්™ gift card මිලදී ගන්නත් පුළුවන්.
ඕනෑම වයසක සිටින කෙනෙක්ට මේ ප්‍රදර්ශනය නරඹන්න යන්න පුළුවන්. වයස අවුරුදු 16 ට අඩු අය වැඩිහිටියෙකු සමඟ තමයි යා යුත්තේ.
ස්ථානය තුළ ඇති ඉඩකඩ සීමාවන් හේතුවෙන් ප්‍රදර්ශනය තුළ Strollers සහ prams තහනම් කර තිබෙනවා. නමුත් අපි ඇතුල්වීමේදී prams නැවැත්වීමේ පහසුකම් සපයනවා. රෝද පුටුවට ප්‍රවේශ වෙන්න පුළුවන්.
ඉතින් හැරී පොටර් මෙල්බර්න්හි ප්‍රදර්ශනය සඳහා අදම ඔබේ ටිකට්පත් ලබා ගන්න!
Location: Fever Exhibition and Experience Centre, 62 Dawson Street, Melbourne
ඔබේ ටිකට්පත් වෙන්කරවා ගන්න සහ වැඩි විස්තර දැනගන්න: https://feverup.com/m/313020?irclickid=RaqViSwbOxycU-dQnFWaS0HSUksS%3ASV-KRYEx40&irgwc=1&utm_medium=impact&utm_source=affiliate&utm_content=1453950_Ripefruit+Pty+Ltd
Image credit goes to by : https://feverup.com/