නේපාලයේ Gen-Z විරෝධතා ව්‍යාපාරය හිටපු අගවිනිසුරු Sushila Karki රටේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස කටයුතු කිරීමට යෝජනා කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ ලේකම් බදාදා රොයිටර් පුවත් සේවයට පැවසුවා.
දේශපාලන පක්ෂ සමඟ සබඳතා ඇති කිසිදු තරුණයෙකු නායකත්ව සාකච්ඡාවලට සහභාගී නොවිය යුතු බවට සහභාගී වූවන් එකඟ වූ අතර පැය හතරකට ආසන්න virtual meeting එකකින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.
කිසිදු දේශපාලන සම්බන්ධතාවයක් නොමැති කාර්කි, ඇගේ මධ්‍යස්ථභාවය සහ විශ්වසනීයත්වය නිසා තෝරා ගෙන තිබෙනවා. ඇය නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරුවරිය වන අතර එම තනතුර දැරූ එකම කාන්තාවයි.
යෝජිත සමාජ මාධ්‍ය තහනමකින් පසු ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් Gen Z නායකත්වයෙන් යුත් දූෂණ විරෝධී විරෝධතා හමුවේ මෙම ඉල්ලීම ඉදිරිපත් වුණා.
කෙසේ වෙතත්, දැන් විරෝධතාකරුවන් තුළ සිටින කණ්ඩායමක් ඇයව ප්‍රතික්ෂේප කර ඇති බව පෙනෙනවා. හිටපු විනිසුරුවරුන් අගමැතිධූරයට පත් වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කර ඇති බවත්, ඇයට වයස අවුරුදු 73 ක් වන නිසා ඔවුන්ට නායකත්වය දීමට වයස්ගත වැඩි බවත් ඔවුන් තර්ක කරනවා.
සඳුදා ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇති කරගත් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති නිවස, පක්ෂ මූලස්ථානය සහ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ නිවාස ගිනි තබා අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගියා.
කවුද මේ තරුණයන් ඉල්ලන සුෂිලා කාර්කි?
1952 ජුනි 7 වන දින Biratnagar හි උපත ලැබූ සුශිලා කාර්කි, උපදේශනය සහ නීති ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තියක් ආරම්භ කිරීමට පෙර දේශපාලන විද්‍යාව සහ නීතිය යන ක්ෂේත්‍ර වලින් අධ්‍යාපනය හැදෑරුවා.
ඇය 1972 දී Biratnagar හි Mahendra Morang Campus වෙතින් Bachelor of Arts (BA) උපාධිය සම්පූර්ණ කළා. 1975 දී Varanasi හි Banaras Hindu University එකෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තා. 1978 දී නේපාලයේ Tribhuvan University එකෙන් නීති උපාධිය ලබා ගත්තා.
කාර්කි 1979 දී Biratnagar හි නීති වෘත්තිය ආරම්භ කළ අතර 1985 දී Dharan හි Mahendra Multiple Campus හි සහකාර ගුරුවරියක් ලෙස සේවය කළා. ඇය 2007 දී ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් බවට පත් වූවා. 2009 ජනවාරි 22 වන දින ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ තාවකාලික විනිසුරුවරියක් ලෙස පත් කරන ලද අතර 2010 නොවැම්බර් 18 වන දින ස්ථිර විනිසුරුවරියක් බවට පත් වූවා. කාර්කි 2016 අප්‍රේල් 13 සිට ජූලි 10 දක්වා වැඩබලන අගවිනිසුරුවරිය ලෙසත්, පසුව 2016 ජූලි 11 සිට 2017 ජුනි 7 දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරිය ලෙසත් සේවය කළා.
ඇගේ ධුර කාලය තුළ, ඇය සංක්‍රාන්ති යුක්තිය සහ මැතිවරණ පිළිබඳ ඉතිහාසයේ සන්ධිස්ථානයන් සටහන් කළ නඩු මෙහෙයවමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු ලෙස අධිකරණයේ කාර්යභාරය ශක්තිමත් කිරීමට කටයුතු කළා.
දූෂණයට එරෙහිව හඬක් නගන කෙනෙක් ලෙස නේපාලය පුරා ප්‍රසිද්ධ මේ 73 හැවිරිදි Karki වරක් දූෂණ චෝදනා මත ධූරයේ සිටි ඇමතිවරයෙකුද වරදකරු කර සිරගත කර තිබෙනවා. ඒ වගේම පිරිමින්ට පමණක් සීමා වුනු අයිතියක් වුනු තම දරුවන්ට පුරවැසිභාවය ලබා දීමේ අයිතිය ඇගේ තීන්දුවක් මගින් කාන්තාවන්ට හිමි වුණා.
2017 අප්‍රේල් 30 වන දින, මාඕවාදී මධ්‍යස්ථානය සහ නේපාල කොංග්‍රසය විසින් ඇයට එරෙහිව පාර්ලිමේන්තුවේදී දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. මහජන පීඩනය සහ පාර්ලිමේන්තුව ඉදිරියට යාම වළක්වන අතුරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හේතුවෙන් එම යෝජනාව පසුව ඉල්ලා අස්කර ගත්තා.