පැසිෆික් දූපත් නායකයින්ගේ උත්සවයේදී වැරදි shirt එකක් ඇඳගෙන ගිය අගමැති ඇන්තනි ඇල්බනීස් මුහුණ රතු කරගෙන සිටින ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුණා.
අනෙකුත් සියලු දෙනා සමුළුවේ නිල, නිල් පැහැති කමිසය ඇඳ සිටින අතරතුර, රෝස පැහැති කමිසයක් ඇඳ ගෙන ගිය Anthony Albanese අපහසුතාවයට පත් වුණා. ඔහු මෙම අවස්ථාවට මුහුණ දුන්නේ පැසිෆික් නායකයින් එක් වූ තීරණාත්මක සමුළුවකදී වීමත් විශේෂත්වයක්.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ සොලමන් දූපත් වල පැවති Pacific Island Forum නායකයින්ගේ රැස්වීමේදී මෙලෙස වැරදි කමිසයක් ඇඳ සිටි අගමැතිවරයා දැකගන්නට ලැබුණා.
සංසදයේ වීඩියෝවකින් දැක්වුණ පරිදි ඔහු රෝස පැහැති කමිසයකින් සැරසී අපහසුතාවයට පත්ව සිටි අතර, සංසදයේ අනෙකුත් නායකයින් විසින් නිල් කමිස ඇඳ සිටියා. ටික වේලාවකට පසු, ඔහු නිවැරදි කමිසයට මාරු වීම සඳහා කාමරයෙන් පිටව ගියා.
PIF රටවල් “Ocean of Peace” ප්‍රකාශය අනුමත කිරීමට පෙර මෙම සිදුවීම සිදු වූ අතර, ඕස්ට්‍රේලියාව පැසිෆික් සාගරයේ චීනය සමඟ ස්ථිර තරඟයක පවතින බවට වූ අදහස් ඔහු ප්‍රතික්ෂේප කළා.
2023 දී Fijian අගමැති Sitiveni Rabuka නායකත්වයෙන් යුත් මෙම ප්‍රකාශය, උග්‍ර භූ දේශපාලනික ආතතිය සහ වෙනස්වන දේශගුණය මධ්‍යයේ පැසිෆික් කලාපයේ සාමය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා.
Pacific Resilience Facility ලෙස හැඳින්වෙන නව දේශගුණික අරමුදලක් පිහිටුවීමට අනෙකුත් ජාතීන් ද අනුමැතිය ලබා දුන්නා.
මෙම අනුමැතිය ඕස්ට්‍රේලියාවේ පැසිෆික් අසල්වැසියන්ට නව යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්තියට මාරුවීම හරහා දේශගුණික විපර්යාස අභියෝගය අවම කිරීමට සහ ඒවාට මුහුණ දීමට ඉඩ සලසන බව ඇල්බනීස් මහතා පවසා සිටියා.
“අපි සියලු දෙනාම පැසිෆික් පවුලේ සාමාජිකයන් වන අතර ආර්ථික ගැටළු, ජාතික ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස අභියෝගයන්ට මුහුණ දීමේදී අපි සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත්” යැයි Munda හි සිට කතා කළ ඇල්බනීස් මහතා බ්‍රහස්පතින්දා පැවසුවා.
Image credit: https://www.abc.net.au/