දරුණු ගිගුරුම් සහිත වැසි සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් Sydney වෙත සහ ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින අතර, මෙය වාර්තාගත තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
දරුණු ගිගුරුම් සහිත වැසි සහ 90kmh ඉක්මවන සුළං නිසා මාර්ග, ඇළ දොළ සහ ගංගා ජලයෙන් යට වුණා.
Weatherzone දක්වන ආකාරයට Sydney, Canberra සහ Wollongong නගර සියල්ලම 2025 වසරේ වැඩිම වැසි දිනය වාර්තා කර තිබෙනවා.
බ්‍රහස්පතින්දා උදෑසන 9 දක්වා වූ පැය 24 තුළ සිඩ්නි නගරයට 122mm ක් පතිත වූ අතර එය 1879 සිට සැප්තැම්බර් සඳහා අගනුවරට ලැබුණු වැඩිම දෛනික වර්ෂාපතනය සනිටුහන් කරනවා.
පැය 24 ක් තුළ, NSW SES වෙත ඇමතුම් 854 ක් සහ ගලවා ගැනීමේ ඇමතුම් 34 ක් ලැබී තිබුණා. ඉන් වැඩිම ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ metro සහ ගිනිකොනදිග කලාපවලින්.
Mid North Coast, Northern Tablelands සහ Hunter දිස්ත්‍රික්කවල කොටස් සඳහා කාර්යාංශය විසින් දැඩි කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
“ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට එක රැයකින් අධික වර්ෂාපතනයක් සහ හානිදායක සුළං ගෙන ආ අඩු පීඩන පද්ධතියක් දැන් වෙරළට ගමන් කර ඇති අතර, වෙරළබඩ ප්‍රදේශවල තත්ත්වය තරමක් ලිහිල් කර ඇත” යනුවෙන් අනතුරු ඇඟවීමේ සඳහන් වෙනවා.