මහා මැතිවරණයටත් වඩා Masterchef වැදගත් වුණු රටක්

  • Home
  • /
  • Blog
  • /
  • මහා මැතිවරණයටත් වඩා Masterchef වැදගත් වුණු රටක්

2010 දී, ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු මහා මැතිවරණය හා සම්බන්ධ ප්‍රධාන විවාදය හා ලෝක ප්‍රසිද්ධ Masterchef වැඩසටහනේ අවසන් මහා තරඟයත් එකම දවසක එකම වෙලාවක යෙදී තිබුණා. 

එම රූපවාහිනී අවසන් තරඟය සමඟ ගැටෙන්නේ නැති වෙන විදිහට රූපවාහිනියෙන් විකාශය වූ මහ මැතිවරණ විවාදයේ වේලාවන් වෙනස් කිරීමට පියවර ගැනුණා.

මෙම මැතිවරණ විවාදය සාම්ප්‍රදායිකව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමු ඉරිදා දින පැවැත්වෙනවා.

නමුත් ඉතා ජනප්‍රිය ඉවුම් පිහුම් වැඩසටහනක් වන MasterChef හි අවසාන තරඟය හා එම විවාදය එකම අවස්ථාවේදීම විකාශය වීමට නියමිත වුණ අතර, ඕස්ට්‍රේලියානුවන් මිලියන හතරක් පමණ එය නැරඹීමට සූදානමෙන් සිටියා.

මේ වැඩසටහන් 2 එකිනෙකට ගැටීම වළක්වන්න විවාදය පැයක් කලින් පැවැත්වීමට පියවර ගැනුණා.

“ඉවුම් පිහුම් සහ ආහාර ගැනීම කෙරෙහි ඇති ආකර්ෂණය මට තේරුම් ගන්න පුළුවන්” යනුවෙන් Tony Abbott ට එරෙහිව මැතිවරණ සටනේ යෙදී සිටි එවකට අගමැතිනි Julia Gillard පවසා තිබුණා.

ඉතින් මේක රටක්, මහා මැතිවරණයටත් වඩා cooking reality වැඩසටහනක්  වැදගත් කොට සලකපු අවස්ථාවක් විදිහට ලෝකයක් අදටත් මතක් කරනවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025