දුර ගමනක් යන්න වාහනය ready කරමු

  • Home
  • /
  • Blog
  • /
  • දුර ගමනක් යන්න වාහනය ready කරමු

ඔයත් Road Trip එකක් යන්න හිතනවානම් ඔයාට බලන්න ලස්සන දර්ශන ඔස්ට්‍රේලියාව පුරාම තිබෙනවා. හැබැයි ඔයාගේ බෑග් ඔක්කොම pack කරගෙන වාහනයට නගින්න කලින් ඔයා සහතික කරගන්න අවශ්‍ය දේවල් කිහිපයක් ගැනයි අද අපි කියන්නේ. ආරක්ෂිතව රිය පදවන්න මේ පුංචි මාර්ගෝපදේශය ඔයාට උදව්වක් වෙයි.

ඔය සුන්දර වෙරළ තීරයන් නරඹමින් Great Ocean Road එක දිගේ යනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියාවේ හදවතට Red Centre Way එක දිගේ යනවා වෙන්න පුළුවන්. ඒ කොහේ ගියත් ඕනෑම තැනක ඔයා drive කරනකොට ඔයාගේ වගේම අනිත් අයගෙත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. 

අද අපි කතා කරමු Road Trip එකක් යන්න කලින් කොහොමද ඔයාගේ වාහනය සූදානම් කරගන්නේ කියලා.

ඔයාගේ Car එක Ready කරගන්න 

ඔයා දිග ගමනක් යන්න ලැස්ති වෙන නිසා ගමන පටන් ගන්න කලින් ඔයා යන වාහනය හොඳින් පරීක්ෂා කර බලන එක වැදගත්.

පරීක්ෂා කරන්න ඕන දේවල් මොනවද කියලා අපි එකින් එක බලමු.

  • Tyres: ඔබේ car owner’s manual එකේ නිර්දේශ කර තිබෙන pressure එකට ටයර් පුම්බා තිබෙනවාද කියන එක වගේම ඒවාගේ හොඳ tread depth එකක් තියනවද කියන එකත් පරීක්ෂා කරන්න ඕනේ. ඔයාගේ වාහනයේ ටයර් ගෙවී ගොස් තිබෙනවද කියන එකත් පරීක්ෂා කරන්න. විශේෂයෙන්ම ඔයා winter එකේ travel කරනවානම් එහෙම ටයර් මාරු කරන එක හොඳයි.
  • Brakes: Brakes හොඳින් ක්‍රියා කරනවා ද කියන එකත් අනිවාර්යයෙන් වැදගත්. Brake pads සහ rotors හොඳින් පරීක්ෂා කරන්න. ඕනෑම අසාමාන්‍ය තත්ත්වයක් තිබෙනවානම් ඒක හදාගන්න.
  • Oil: ඔබේ එන්ජිමේ ක්‍රියාකාරිත්වය සඳහා නියමිත පරිදි තෙල් මාරු කිරීම වැදගත් වෙනවා. ඔයා යන දුර අනුව අවශ්‍ය නම්, oil සහ filters මාරු කරන්න.
  • Fluids: ඔයාගේ වාහනයේ fluids refill කරන්න අවශ්‍යද? අවශ්‍ය නම්, coolant, windshield washer fluid, brake fluid, සහ transmission fluid පරීක්ෂා කරන්න.
  • Battery: හරියට ක්‍රියා නොකරන බැටරියක් ඔයාගේ මුළු ගමනම අවුල් කරන්න පුළුවන්. ඒ වගේම ශීත කාලගුණය එහි ක්‍රියාකාරිත්වයට බලපානවා. ඒ නිසා ගමන යන්න කලින් ඔයාගේ බැටරිය පරීක්ෂා කරන්න.
  • Lights: Headlights, tail lights, indicators, සහ hazard lights ඇතුළුව ඔයාගේ වාහනයේ සියලුම ලයිට් පරීක්ෂා කරන්න. ආරක්ෂිත රිය පැදවීම සඳහා, ඒවා නිසි ලෙස ක්‍රියා කිරීම ඉතාම වැදගත්.

ඔයාට අවශ්‍යනම් මේ සඳහා ලියාපදිංචි මෝටර් රථ කාර්මිකයෙකුගේ සේවාව ලබාගන්නත් පුළුවන්. 

බාධාවක් නැතුව පරිස්සමෙන් ගිහින් මේ හැමදේම ඉතාම වැදගත්.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025