කලින් articles වලින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න ඉන්න ඔයා කොහොමද අධ්‍යාපනයට හොඳම තැන තෝරාගන්නේ කියන එක. ඒ වගේම ඔස්ට්‍රේලියානුවෙක් විදිහට ඔයාට පහසුවෙන් ලබාගන්න පුළුවන් නවසීලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථා, ඒ සඳහා යන වියදම් ආදිය ගැනත් අපි කලින් articles වලින් කතා කළා.
දැන් අපි කතා කරමින් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන ඔයාට ශිෂ්‍යයෙක් විදිහට ලබාගන්න පුළුවන් නවාතැන් පහසුකම් ගැන. ඔයාට ලබාගන්න පුළුවන් නවාතැන් වර්ග කිහිපයක්ම තියෙනවා.
- Short-term accommodation
- Renting a house or apartment
- Managed student accommodation
- University-managed accommodation
- Residential colleges
- Homestay
මේ අතරින් කිහිපයක් ගැන කලින් articles වලින් කිව්වා. අද බලමු තවත් කිහිපයක් ගැන වැඩි විස්තර.
Managed student accommodation
Managed student accommodation එහෙමත් නැත්නම් purpose-built student accommodation කියන්නේ සිසුන් සඳහා ම විශේෂයෙන් නිර්මාණය කරලා ඉදිකරන ලද නිවාස. මේවා private studio apartments, shared rooms ආදී එක එක ආකාරයෙන් පවතිනවා. සමහර විට මේ වගේ ස්ථාන වල communal areas, activities සහ facilities වගේ දේවලුත් ලැබෙනවා.
මෙම නිවාස සාමාන්‍යයෙන් ප්‍රධාන අධ්‍යාපන ආයතන වලට ආසන්නව හෝ පොදු ප්‍රවාහන සේවාවලට පහසුවෙන් ලඟා වෙන්න පුළුවන් විදිහට ඉදි කරලා තියෙනවා. electricity bills, internet bills වගේ ඒවා සාමාන්‍යයෙන් කුලී මුදලට ඇතුලත් වෙනවා.
මේ වගේ managed student accommodation බලාගන්න NPAS වෙබ් අඩවියට පිවිසෙන්න.
University-managed accommodation
බොහෝ විශ්ව විද්‍යාල තම සිසුන්ගේ සුවිශේෂී භාවිතය සඳහා කැම්පස් එකට ඉතා ආසන්නව නවාතැන් සහ පහසුකම් කළමනාකරණය කරනවා.
විශ්ව විද්‍යාල මගින් කළමනාකරණය කරන ලද නවාතැන් සාමාන්‍යයෙන් ඕනෑම බිල්පතක් (විදුලිය, ගෑස්, ජලය සහ අන්තර්ජාලය වැනි) සහ විශ්ව විද්‍යාල මගින් කළමනාකරණය කරන support services සියලු දේම වගේ ආවරණය කරනවා.
ඔයාගේ අධ්‍යාපන ආයතනය මගින් ඔයාට ඔවුන් සපයන නවාතැන් පහසුකම් ගැන විස්තර දැනගන්න පුළුවන්.