ගෙමිදුල, උද්‍යාන සහ ස්වභාවදහම වසන්ත ඍතුව පිලිගන්නකොට, ඔයා නිවස තුළ තබාගෙන ඉන්න ශාක වලටත් අලුත් ඍතුවට හැඩගැහෙන්න සුළු උපකාරයක් අවශ්‍ය වෙන්න පුළුවන්.
ඉතින් අද අපි බලමු මේ spring එකේ කොහොමද ඔයාගේ ගේ ඇතුළේ තියෙන පැළෑටි ලස්සනට රැක බලාගන්නේ කියලා.
හොඳට බලන්න ඔයාගේ පැළ වලත් කහ පැහැති කොළ, කඩා වැටෙන කඳන් සහ දූවිලි සහිත කොළ තිබෙනවාද කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේක ඔයාට. මේ පැළ ලස්සනට රැක බලාගන්න අවශ්‍යම tips 5ක් තමයි මේ.
- පස පරීක්ෂා කිරීම සහ කප්පාදු කිරීම
පළිබෝධකයන්, මැරුණු කොළ සහ පස පරීක්ෂා කරන්න spring එක කියන්නේ හොඳම කාලයක්. පස තද වී ඇති බවක් හෝ පස් මදි බවක් දැනෙනවානම් අලුත් පාංශ මිශ්‍රණයක් දැමීම හෝ පැළය වෙනත් භාජනයකට මාරු කිරීම ගැන සලකා බලන්න වෙනවා. secateurs භාවිත කරලා මිය ගිය හෝ හානි වූ අතු කැපීම, ශාකයක හැඩය සහ නීරෝගී බව පවත්වාගන්න උදව් වෙනවා.
- කොළවල දූවිලි ඉවත් කරන්න
පත්‍ර මත රැඳිලා තිබෙන දූවිලි මගින් ඒ මත පතිත වෙන ආලෝකය අවහිර කරනවා. එය ශාකය හොඳින් වැදීමට බාධාවක්. ශාකවලට ප්‍රමාණවත් ආලෝකයක් ලැබෙන බව සහතික කරන්න, නිතිපතා කොළ පිරිසිදු කරන්න. ශාකය පිටතට ගෙන hose කිරීමෙන් පහසුවෙන් මෙය කරගන්න පුළුවන්. ඒක බඳුන හරහා ජලය ගලා යාමටත් උපකාරී වෙනවා.
- නැවත සිටුවීම
පැළයක් වෙනත් පෝච්චියකට මාරු කරන්න අවශ්‍යනම් ඒ සංධා හොන්දම් කාලයක් තමයි spring එක. Winter එකෙන් පස්සේ වර්ධනය වෙන්න පටන් ගන්නා විට මේ ශාක නැවුම් පසෙන් ප්‍රයෝජන ලබාගන්නවා. තවත් වැදගත් කරුණක් තමයි වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න එක් එක් ශාක වර්ගය සඳහා සුදුසු පස් මිශ්‍රණය භාවිතා කරන්න. උදාහරණයක් විදිහට Swiss cheese සහ peace lily වගේ ශාක සඳහා chunky aroid mix එක වඩාත් සුදුසුයි.
- අධාරක සැපයීම
Swiss cheese වගේ ශාක වලට සෘජු වර්ධනය වෙන්න උදව් කරන්න සහ කඳන් කැඩී යාම වළක්වා ගන්න Staking කිරීම ඉතා ප්‍රයෝජනවත්. stakes වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ ළපටි පැළ සඳහා.
- පැළෑටි ගැළපෙන ස්ථානයක තියන්න
Spring එකේදී හොඳින් ආලෝකය ලැබෙන නිසා ඔයාගේ පැළ වලට හොඳින් ඉර එළිය ලබාගන්න පුළුවන් තැන වල ඒවා තියන්න. ඒ වගේම ඒවාට ප්‍රමාණවත් ඉර එළියක් ලැබීමට වගේම ඕනෑවට වඩා සෘජු හිරු එළිය නොලැබෙන බවටත් වග බලා ගන්න. එසේම, air conditioning වලින් සහ heating වලින් ශාක ඈත් කර තියන්න. මොකද ඒවා කොළ වියළී යන්න හේතු වෙන්න පුළුවන්.