National Innovation visa (subclass 858) (NIV) යනු ලොව පුරා සිටින සුවිශේෂී දක්ෂ සංක්‍රමණිකයින් සඳහා පිරිනැමෙන ස්ථිර වීසා බලපත්‍රයක්. මෙම සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ ප්‍රධාන අංශවල රැකියා නිර්මාණය කිරීමට වගේම ඵලදායිතාව වර්ධනය කරන්නත් උපකාරී වෙනවා.
NIV යනු, ඕස්ට්‍රේලියාවේ අනාගත සමෘද්ධියට ප්‍රයෝජනවත් වන, සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි, ඉහළ මට්ටමේ හැකියා සහ කුසලතා ඇති, පළපුරුදු සහ නැගී එන නායකයින් සඳහා පිරිනැමෙන වටිනා අවස්ථාවක්.
මේකට ඇතුළත් වන්නේ:
- ගෝලීය පර්යේෂකයින් (global researchers)
- ව්‍යවසායකයින් (entrepreneurs)
- නවෝත්පාදන ආයෝජකයින් (innovative investors)
- ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිර්මාණ ශිල්පීන් (athletes and creatives)
මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර දෙපාර්තමේන්තුව ඔබට ආරාධනා කළ යුතුයි. මෙලෙස ආරාධනයක් සඳහා ඔයාව සලකා බැලීමට, ඔයා ලබාගෙන ඇති ජයග්‍රහණ පෙන්වන expression of interest (EOI) එකක් ඉදිරිපත් කරන්න.
ඉතින් ඔයත් මේ ඕනෑම ක්ෂේත්‍රයක විශිෂ්ඨයෙක්නම් ඔයාටත් මේ visa වර්ගය සඳහා apply කරන්න පුළුවන්.
National Innovation visa (subclass 858) පිළිබඳ වැඩිදුර දැනගන්න: https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/national-innovation-visa-858