ඔස්කාර් සම්මාන දිනූ අති විශිෂ්ඨ කතාවක්

  • Home
  • /
  • Blog
  • /
  • ඔස්කාර් සම්මාන දිනූ අති විශිෂ්ඨ කතාවක්

යුද්ධයේ බලපෑමෙන් විනාශ වුණු පුද්ගලයින් 4 දෙනෙක්, තරුණියක් සහ පිරිමින් තුන් දෙනෙක්, Florence හි උතුරට වෙන්න පිහිටි හානියට පත් වුණු විලා එකක රැඳී සිටිනවා. කාමරයක දරුණු ලෙස පිළිස්සුණු ඉංග්‍රීසි රෝගියෙක්, ජීවතුන් අතර සිටියත් චලනය වීමට නොහැකි තත්ත්වයේ පසු වෙනවා. 

යුද්ධයට පෙර උතුරු අප්‍රිකානු කාන්තාරයේ ඔහුගේ අසාමාන්‍ය වික්‍රමාන්විතයන් සහ කැළඹිලි සහිත ප්‍රේම සම්බන්ධය ඔහුගේ සහචරයින්ගේ සජීවී කතා වටා කේන්ද්‍රගත වී තිබෙනවා. ඔහුගේ මෙම පැමිණීම ඔහු වටා සිටින අයගේ ඉරණම සදහටම වෙනස් කරාවි. 

මේ 1992 දී Booker Prize එක දිනාගත් Michael Ondaatje ගේ දීප්තිමත් හා සංවේදී ඓතිහාසික ප්‍රබන්ධය වන ‘The English Patient’. මෙය මුල් වරට නිකුත් කෙරුණේ 1992 වර්ෂයේදී Bloomsbury විසින්.

මෙහි ඇති ඇති විශිෂ්ඨත්වය නිසාම භාෂා 40 කට පරිවර්තනය කර ඇති අතර මේ ඇසුරෙන් ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක් ද නිර්මාණය කෙරුණා.

මේ කතාව තුල ඇති විචිත්‍රත්වය ඔයාට හිතාගන්න පුළුවන්. මෙය අමුතු හා ආකර්ශනීය පරිසරයක සැකසූ සංකීර්ණ චරිත සහිත විශිෂ්ඨ නවකතාවක්. මෙම පොත ලියවිලා වසර ගණනාවක් වුණත් තවමත් එහි අර්ථය සහ රසය නැවුම්ව රස විඳින්න පුළුවන්.

ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම Michael Ondaatje ගේ ‘The English Patient’ කියවලා බලන්න.

 

 

Image Credit goes to by : https://thebookerprizes.com/the-booker-library/books/the-english-patient

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025