සතියක අදායම $1000 කින් වැඩි කරන සුදුසුකම

  • Home
  • /
  • Blog
  • /
  • සතියක අදායම $1000 කින් වැඩි කරන සුදුසුකම

ඔයාට රැකියාවක් ලබාගන්න අවශ්‍ය වෙන ගොඩක් දේවල් ගැන අපි කලින් articles වලින් කතා කළා. අද අපි බලමු රැකියාවක් ලබාගන්න අධ්‍යාපනය වදගත් වෙන්නේ කොහොමද කියලා.

ඔස්ට්‍රේලියාව තුල බොහෝ අධ්‍යාපන සහ පුහුණු අවස්ථා තිබෙනවා. විවිධ පුද්ගලයින් උසස් අධ්‍යාපනයට යොමු වෙන්න දක්වන කැමැත්ත වෙනස්. (ඒ ඕනෑම අයෙක්ට ගැලපෙන විකල්ප දැනගන්න වැදගත් වෙන links කිහිපයක්: https://www.yourcareer.gov.au/resources/australian-jobs-report/useful-links)

ඔයා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ වැඩිදුර ඉගෙන ගන්න හිතනවානම්, ඔබ සලකා බැලිය යුතු ප්‍රධාන මාර්ග 2ක් තිබෙනවා.

1 . vocational education and training (VET) පද්ධතිය ජාතික වශයෙන් පිළිගත් පුහුණුවක් ලබා දීමෙන් සේවා ස්ථානයට ගැළපෙන විශේෂිත කුසලතා සහ දැනුම වර්ධනය කරනවා. අපි VET ගැන කලින් articles කිහිපයකින්ම කථා කළා.

2 . ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන පද්ධතිය උපාධි සහ අනෙකුත් සුදුසුකම් ලබා දීම සඳහා වන විශ්ව විද්‍යාල සහ අනෙකුත් ආයතන වලින් සමන්විත වෙනවා. උසස් අධ්‍යාපනය යනු ඉතා ඉහළ කුසලතා ඇති වෘත්තීන් රැසක් ඇතුළුව විවිධ රැකියා සඳහා හොඳම මාර්ගයයි.

රැකියා සහ පුහුණු තීරණ පදනම් විය යුත්තේ යෝග්‍යතාවය, රුචිකත්වයන්, වැටුප් අපේක්ෂාවන් සහ සේවා කොන්දේසි වගේම වෘත්තීය ඉලක්ක ඇතුළු විවිධ සාධක පදනම් කරගෙන.

අධ්‍යාපනික අවස්ථා වැඩි වනවාත් සමගම තෘතීයික පුහුණුව ලබන පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර දැන් වන විට ශ්‍රම බලකායෙන් වැඩි දෙනෙකුට පශ්චාත් පාසල් සුදුසුකම් තිබෙනවා.

2024 දී, වයස අවුරුදු 15 සිට 74 දක්වා වූ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 69% ක් පශ්චාත් පාසල් සුදුසුකම් ලබා තිබෙනවා හෝ දැනට අධ්‍යාපනය ලබමින් සිටින අය. මේ අගය දශකයකට පෙර පැවතුනේ 63% ක් ලෙසයි.

මේකෙන් ඔයාට පේනවා ඇති අද රැකියා වෙළඳපොළ තුළ පශ්චාත් පාසල් සුදුසුකම් ප්‍රයෝජනවත් වෙන බව.

ඉහළ මට්ටමේ සුදුසුකම් ඇති පුද්ගලයින්ට සාමාන්‍යයෙන් වැඩිදුර අධ්‍යාපනය සම්පූර්ණ කර නොමැති අයට වඩා හොඳ රැකියා ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව තිබෙනවා.

දැනට ප්‍රචාරය කරනු ලබන රැකියා වලින්:

  • 90% කට ආසන්න ප්‍රමාණයකට post-school qualifications අවශ්‍ය වෙනවා
  • 50% කට පමණ VET සුදුසුකමක් අවශ්‍ය වෙනවා
  • 40% කට ආසන්න ප්‍රමාණයකට Bachelor degree එකක් හෝ ඊට ඉහල මට්ටමේ උපාධියක් අවශ්‍ය වෙනවා

රැකියාව තුල ඔයා පෙන්වන දක්ෂතා වගේම, ඉහළ අධ්‍යාපන සුදුසුකම් ද සාමාන්‍යයෙන් වැටුප් වැඩි කිරීම් වලට හේතු වෙනවා.

රජයේ www.yourcareer.gov.au වෙබ් අඩවිය දක්වන විදිහට Bachelor degree එකක් හෝ ඊට ඉහළ සුදුසුකමක් තිබෙන අයගේ විරැකියා අනුපාතය 2.2% ක් වන අතර Advanced Diploma සහ Diploma සුදුසුකම් සහිත අයට 4.3% ක් සහ 12 වසරටත් පහළ අධ්‍යාපන මට්ටමක් තිබෙන අයට එය 10.8% ක් වෙනවා.

සතියකදී ලබන සාමාන්‍ය ආදායම සැලකූ විට Postgraduate Degree එකක් තිබෙන අය සඳහා සතියක වැටුප $1925ක් ද ආදී වශයෙන් වන අතර පාසල් අධ්‍යාපනය දක්වා පමණක් සුදුසුකම් තිබෙන අය සඳහා එම අගය $1000 ක් පමණ වෙනවා. 

ඉතින් ඔයාට පැහැදිලි ඇති අධ්‍යාපන සුදුසුකම් වලට කරන්න පුළුවන් වෙනස.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025