Swan ගඟේ නොගැඹුරු ප්‍රදේශයේ bull sharks රංචුවක් සැඟවී සිටින ආකාරය රූගත කර ඇති අතර, එම ස්ථානය Perth පාසල් සිසුවියකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වූ ස්ථානයට ආසන්න ස්ථානයක්.
Fremantle Traffic Bridge එකේ Swan ගඟට ඉහළින් වැඩ කරන වෙළෙඳුන් පිරිසක් අඟහරුවාදා ජලයේ පිහිනන sharks ලා දුසිමක් පමණ රූගත කර තිබුණා.
2023 පෙබරවාරි මාසයේදී Swan ගඟේ දී bull shark කෙනෙකු විසින් 16 හැවිරිදි Stella Berry මරා දැමූ ස්ථානයේ සිට 100m ක් පමණ දුරින් මෙම මෝරුන් දැකගත හැකි වුණා.
Fremantle නගරය Swan ගඟ දිගේ වන වෙරළ තීරයන් වසා දැමූ අතර මෙම සතියේ බලධාරීන්ට bull sharksලා කිහිප දෙනෙකු දුටු බවට වාර්තා වීමෙන් පසු ජලයෙන් ඈත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දුන්නා.
අඟහරුවාදා සහ බදාදා දිනවල Fremantle Bridge එක සහ Fremantle වරාය අසල වෙරළ තීරයේ සිට 10m ක් පමණ දුරින් 2m ක් දක්වා දිග bull sharks රංචු දැක ඇති බවට SharkSmart වෙත වාර්තා ලැබුණා.
ප්‍රාථමික කර්මාන්ත සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පැවසුවේ ඔවුන් තත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් Swan Canning මෝය තුළ එහි shark tagging research program එකේ කොටසක් ලෙස ජලයේ බෝට්ටුවක් තබා ඇති බවත්ය.
“නැගෙනහිර Fremantle, Blackwall Reach සහ Canning Bridge හි Swan Canning මෝය අසල මෝරුන් නිරීක්ෂණ ග්‍රාහක ඇති අතර එමඟින් ප්‍රදේශයේ ටැග් කළ මෝරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපට තත්‍ය කාලීනව දැනුම් දෙනු ලබනවා” යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසුවා.
ධීවරයෙකු වන Glen Foxton, 6PR වෙත පවසා තිබුණේ Applecross හි Como, Matilda Bay සහ Raffles හෝටලය අවට Swan ගඟේ bronze whaler sharksලා නිතිපතා දකින බවයි.