වැඩිහිටි වික්ටෝරියානුවන්, ඔවුන්ගේ මිතුරන්, පවුල්වල සෑම දෙනාම එකතු වී කරන සැමරුමක් ගැන තමයි මේ කතාව. වැඩිහිටි ඔබ සැමට විනෝද වීමට සහ අපූරු රංගනයන්හි නිරත වීමට මේක කදිම අවස්ථාවක් තමයි ‘Celebration Day: Victorian Seniors Festival’.
මේ අනර්ග අවස්තාව සමග Fed Square එක වැඩිහිටි කලාකරුවන්ගේ කුසලතා ඇතුළත් විනෝදාස්වාදයෙන් පිරුණු තැනක් වේවි. Main Square, Birrarung Marr Stage සහ Zinc Studio හරහා සංගීතය, නැටුම් සහ වැඩමුළු භුක්ති විඳින්නත් ඔබට අවස්ථාව තිබෙනවා.
විශේෂම අංගයක් විදිහට පරම්පරා කිහිපයක් වුණු ukulele ප්‍රසංගයක්ද දැක ගන්න පුළුවන්. වුනු යුකුලේලේ ප්‍රසංගයක් වනු ඇත. ඔයත් uke වාදනයට කැමති කෙනෙක්නම් ඔයාගේ uke එකත් අරන් ඇවිත් ප්‍රාන්තය පුරා සිට පැමිණි වැඩිහිටි හා තරුණ වික්ටෝරියානුවන් සමඟ එකතු වෙන්න.
Player’s toolkit එකක් ලබාගැනීමට හෝ මේ හා එක වී විනෝද වීමට සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආදරයෙන් ආරාධනා කරනවා.
Table Tennis Victoria වසර 100 ක් සැමරීම හේතුවෙන් table tennis අංගයක්ද මේ සඳහා විශේෂයෙන් එක් කර තිබෙනවා.
ඉතින් ඔක්තෝම්බර් 5 වන දා දහවල් 12 සිට රාත්‍රී 7 දක්වා පැවැත්වෙන මේ විචිත්‍රවත් සැණකෙළියට ඔයත් එන්න.
Date & Time
Sun 5 Oct 12 pm – 7 pm
Location
Fed Square
Swanston St & Flinders St
Melbourne 3000
Contact details
Tel: 03 8850 6164
Email: seniorsfestival@dffh.vic.gov.au
Web: https://www.seniorsonline.vic.gov.au/victorian-seniors-festival