කලින් article එකකින් අපි කතා කළා ශ්‍රී ලංකාවට යන්න ඔයා visa ගන්න ඕනෙද නැද්ද කියන එක. එකේදී විශේෂයෙන් visa ලබා ගැනීමට අවශ්‍ය නොවන අවස්ථා ගැන කිව්වා. ඉතින් ඔයා මේ අවස්ථා එකකටවත් අයිති වෙන්නේ නැත්තන් ඔයාට ශ්‍රී ලංකාවට යන්න විශේෂයෙන් visa ලබාගන්න වෙනවා?
මේ විදිහට ලබාගන්න පුළුවන් visa වර්ග කිහිපයක්ම තිබෙනවා.
- Tourist Visa
- Business Visa
- Transit Visa
- Journalist Visa
- Visas for Expatriates working and seeking to work in Voluntary Social Service Organizations/NGOs
- Work Visa / Study Visa / Long Term Resident Visa
මේ අතරින් අද අපි මුලින්ම බලමු වැඩි දෙනෙක්ට වැදගත් වෙන Business Visa ගැන.
Business Visa
ව්‍යාපාරික අරමුණු සඳහා (ව්‍යාපාරික රැස්වීම් සහ සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු, සම්මන්ත්‍රණ, කෙටි කාලීන පුහුණු වැඩසටහන්, කලා/සංගීත/නැටුම් උත්සව, ආගමික උත්සව හෝ සම්මන්ත්‍රණ) කෙටි කාලයකට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයින්ට ව්‍යාපාරික වීසා එහෙමත් නැත්නම් Business Visa නිකුත් කරනවා.
ඉතින් ඔයත් අපි කලින් article එකේදී කිව්වා වගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ අනෙකුත් අවශ්‍යතා සපුරන්නේ නැතිනම් ව්‍යාපාර කටයුතු සඳහා ඔයාට මේ visa වර්ගය උදව් වෙයි. single, double, or multiple journeys සඳහා වීසා නිකුත් කරනවා.
Business Visa holdersලා සඳහා අදාළ වෙන කොන්දේසි:
- නිශ්චිත කල් ඉකුත් වීමේ දිනට පෙර වීසා බලපත්‍රය භාවිතා කළ යුතුයි.
- වීසා බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා අයදුම්පත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට (Department of Immigration and Emigration Head Office) ඉදිරිපත් කළ යුතුයි.