ලොව දෙවනියට විශාලම බියර් උත්සවය දැන් පැවැත්වෙනවා

  • Home
  • /
  • Events
  • /
  • ලොව දෙවනියට විශාලම බියර් උත්සවය දැන් පැවැත්වෙනවා

Munich’s Oktoberfest වලින් පසු ලොව දෙවන විශාලතම folk and beer festival එක වන Stuttgart’s Cannstatter Wasen පසුගිය සිකුරාදා ආරම්භ වුණා.

පසුගිය වසරේ මෙන් මිලියන 4.6 ක අමුත්තන් ප්‍රමාණයක් බලාපොරොත්තුවෙන් තානායම්කරුවන් සහ වෙළෙන්දෝ 300 ක් පමණ ඔක්තෝබර් 12 වන දින දක්වා දිනපතා විවෘත සිටිනවා.

Stuttgart නගරාධිපති Frank Nopper විසින් සවස 4:30 ට පසු සිදු කල සාම්ප්‍රදායික keg tap එකකින් කටයුතු ආරම්භ වුණා. මෙහිදී සිදු වන්නේ මිටියකින් පහර දී බියර් බැරලය විවෘත කිරීමයි.

මෙම සති තුනක් පුරා පවත්වන බියර් උත්සවය සහ සංචාරක විනෝද ප්‍රදර්ශනය සමහර විට විදේශීය අමුත්තන් විසින් Stuttgart Beer Festival ලෙසද හඳුන්වනවා. නමුත් එය සැබවින්ම autumnal fair එකක්.

කෙසේ වුණත් Volksfest ලොව දෙවන විශාලතම බියර් සැමරුම ලෙස සැලකෙනවා.

බියර් වලට අමතරව, Cannstatter Wasen දැවැන්ත ප්‍රදර්ශන භූමි, වර්ණවත් පෙළපාළි, සජීවී සංගීත වේදිකා, Swabian ආහාර වෙළඳසැල්, candy stands සහ ක්‍රීඩා සහ අත්කම් සහිත වෙළඳපොළක් ද මීට ඇතුළත්.

1815 දී ඉන්දුනීසියාවේ Tambora කන්ද පුපුරා යාමෙන් පසු පැමිණි ගිනිකඳු ශීත ඍතුව නිසා ඇති වූ බෝග අසාර්ථකත්වයන් සහ සාගතයෙන් පසු කෘෂිකර්මාන්තය සැමරීම සඳහා නිර්මාණය කරන ලද harvest festival එකක් ලෙස මෙම උත්සවය නිර්මාණය වුණා. එහි ආරම්භය 1818 දක්වා දිව යනවා.

පසුකාලීන දශක කිහිපය තුළ, මෙම Volksfest එක එහි කෘෂිකාර්මික අවධානයෙන් ඔබ්බට පරිණාමය වුණා. සාම්ප්‍රදායිකව පෙළපාළියක් ද පවත්වනවා. එහි පළමුවැන්න 1841 දී පැවැත්වූ අතර එයට 10,000 කට වැඩි පිරිසක් සහභාගී වුණා. ඊට අමතරව නරඹන්නන් 100,000 ක් එක වී තිබුණා.

මෙම Oktoberfest එක පසුගිය සෙනසුරාදා ආරම්භ වී ඔක්තෝබර් 3 දක්වා පැවැත්වෙනවා. Bavaria හි ඔටුන්න හිමි කුමරු වූ Ludwig 1810 දී Saxe-Hildburghausen හි Therese කුමරිය සමඟ විවාහ වීම සැමරීමක් ලෙස මෙය කලින් ආරම්භ වුණා.

උත්සවයේදී බියර් හෙක්ටොලිටර් කීයක් අලෙවි වේද යන්න පිළිබඳ සංඛ්‍යාලේඛනයක් නැහැ. මොකද මේක Munich හි තත්ත්වයට වඩා වෙනස්. මේක වෙළඳ රහසක් ලෙස ඔවුන් තබාගන්නවා.

මෙම අගය විශාල Bavarian සැමරුමේදී ලීටර් මිලියන 6 සිට 7 දක්වා පමණ අගයක් වන අතර මෙහිදී එම අගය ලීටර් මිලියන දෙකක් (ගැලුම් 500,000 කට වඩා වැඩි) වන බව පැවසෙනවා.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025