ඕස්ට්‍රේලියාවට යන එන එක පහසු කරන App එක

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවට යන එන එක පහසු කරන App එක

2025 සැප්තැම්බර් 30 වන දින සිට, Department of Home Affairs (ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව), Australian Immi App එක භාවිතය තවත් රටවල් 10 කට ව්‍යාප්ත කළා. මෙය කලින් fingerprint biometrics ලබා දී ඇති දහස් ගණනක් අයදුම්කරුවන්ට ඔවුන්ගේ වීසා අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වේගවත්, ලාභදායී සහ වඩාත් පහසු ක්‍රමයකට ප්‍රවේශ වීමට ඉඩ සලසනවා.

මේ free mobile app එක නිසා සුදුසුකම් ලත් වීසා අයදුම්කරුවන්ට, ඔවුන්ගේ passport විස්තර සහ facial biometrics තමන්ගේ smartphones වලින් සෘජුවම ඉදිරිපත් කිරීමට ඉඩ සැලසෙනවා. 

මෙයින් අදහස් කරන්නේ අයදුම්කරුවන්ට නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන සෑම අවස්ථාවකම Australian Biometric Collection Centre (ABCC) වෙත යාමට තවදුරටත් අවශ්‍ය නොවන බවයි.

Australian Immi App පහසුකම ලබා ගත හැකි ස්ථාන

Fiji, Samoa, Tonga, Papua New Guinea සහ නවසීලන්තයේ third-country nationals වල දැනටමත් භාවිතයේ පවතින මෙම යෙදුම දැන් පහත රටවලට ද පහසුකම් සලසනවා.

  • Hong Kong (මහජන චීන සමූහාණ්ඩුවේ විශේෂ පරිපාලන කලාපය)
  • Malaysia
  • Philippines
  • Singapore
  • Solomon Islands
  • South Africa
  • South Korea
  • Thailand
  • Tuvalu
  • Vanuatu

මෙම යෙදුම පැසිෆික් කලාපයේ සාර්ථක වී ඇති අතර, 2024 සැප්තැම්බර් මාසයේදී එය launch කරපු දවසේ සිට 30,000 කට ආසන්න පිරිසක් එය භාවිතා කරනවා.

Australian Immi App එකේ ප්‍රතිලාභ

  • අයදුම්කරුවන්ට ඔවුන්ගේ වීසා අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගේ facial image එක මේ හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. මේක කාලය ඉතිරි කිරීමක්.
  • Biometric collection සඳහා ගමන් ගාස්තුවක් හෝ appointment fee එකක් යන්නේ නැහැ.
  • ඉතා ඉක්මනින් biometrics submit කරන්න පුළුවන් නිසා visa එක සකස් කරන්න යන සමස්ත කාලය අඩු කරගන්න පුළුවන්.

කෙසේ වෙතත් තවමත් මේ රටවල් අතර ශ්‍රී ලංකාව දැකගන්න ලැබෙන්නේ නැහැ.

Australian Immi App එක තවත් රටවල් වෙත ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, වැඩසටහනේ සම්පූර්ණ ගෝලීය ව්‍යාප්තිය 2026 මුල් භාගයේදී අවසන් කිරීමට නියමිතයි.

Australian Immi App එක Apple සහ Google Play stores වලින් නොමිලේ download කරගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය සුදුසුකම් සහ පියවරෙන් පියවර උපදෙස් ඇතුළුව සම්පූර්ණ විස්තර දැනගන්න පහත link එකෙන් රජයේ immi.homeaffairs.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න.

https://immi.homeaffairs.gov.au/supporting/Pages/australian-immi-app.aspx

 

Image credit: www.homeaffairs.gov.au 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025