Elon Musk තම අලුත්ම ව්‍යාපාරය මගින් fast food ලොවේ දැවැන්තයෙකු වන McDonald’s සමඟ ගෙන යන වෙළඳපොළ සටනේ දී Elon Musk, burger රජු බවට පත්වී තිබෙනවා.
2023 දී මස්ක් විසින් මුලින් පොරොන්දු වූ පරිදි, ජූලි අග දී ලොස් ඇන්ජලීස් හි විවෘත කරන ලද ‘Diner’, එහි පළමු සම්පූර්ණ කාර්තුවේදී එක්සත් ජනපදය පුරාම සාමාන්‍යයෙන් McDonald’s අලෙවි කරන තරම් hamburgers අලෙවි කිරීමට සමත් වී තිබෙනවා.
Tesla enthusiast, Sawyer Meritt ට අනුව Diner, ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ බර්ගර් 50,000 ක් පමණ අලෙවි කර ඇති අතර, ඇස්තමේන්තුගත ආදායම ඇමරිකානු ඩොලර් 675,000 ක්.
නමුත් Musk burgers සාමාන්‍ය McDonald’s cheeseburgers වලට වඩා වෙනස්. ඔවුන් ඒ සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිත කරනවා. Tesla burger එකක මිල සාමාන්‍ය McDonald’s cheeseburgers එකක මිල මෙන් දෙගුණයක් පමණ වෙනවා.
Santa Monica Boulevard හි ඉදිකර ඇති මෙම භෝජනාගාරය, කුටි 80 ක් පමණ සහ drive-in movie theatre එකක් පවා ඇති දැවැන්ත V4 Supercharger station එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
‘Diner’ හොඳින් ක්‍රියාත්මක වුවහොත් ටෙස්ලා තවත් මෙවැනි ස්ථාන ගොඩනැගීමට ඉඩ ඇති බවට Musk ඉඟි කර තිබෙනවා. නමුත් මෙම සංකල්පය ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවල් වෙත ජාත්‍යන්තර වෙළඳපොළක් දක්වා ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නැහැ.
මෑතකදී, ටෙස්ලා ඕස්ට්‍රේලියාවේ “FSD Supervised” දියත් කළ අතර, එය autonomy පොරොන්දුව සඳහා වසර ගණනාවක් බලා සිටින දේශීය හිමිකරුවන් විසින් හොඳින් පිළිගෙන තිබෙනවා.