ඔන්න නැවතත් ඒ කාලය ඇවිත්. ඔව් අද අපි කියන්නේ ඒ ගැනයි. මේ තමයි මේ වසරේ daylight saving එක.
හැමෝම වගේ දන්නවා මොකක්ද මේ daylight saving කියන්නේ කියලා. ඔයාට මේක අලුත් දෙයක් නම්, ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්.
Daylight Saving Time (DST) කියන්නේ උණුසුම් මාසවලදී සවස් කාලයේ දිවා ආලෝකය උපරිමෙන් ප්‍රයෝජනයට ගන්න ඔරලෝසු පැයකින් ඉදිරියට ගෙන යාම සහ සීත කාලය ළඟා වෙනකොට ඒවා ආපසු නිවැරදි වෙලාවට ගෙන යාමේ වාර්ෂික පිළිවෙතක්.
මේකේ අරමුණ වන්නේ ස්වාභාවික දිවා ආලෝකය වඩා හොඳින් භාවිතා කරන එක. උදාහරණයක් ලෙස, සාමාන්‍යයෙන් සවස 6 ට අඳුරු වෙනවනම්, DST ඔරලෝසුව රාත්‍රී 7 ට අඳුර එන පරිදි මාරු කරනවා. තවත් විදිහකින් කියනවානම් උදෑසන පැයක් කලින් වැඩ පටන් ගන්නවා. එතකොට ඔයාට හොඳින් හිරු එළිය තිබෙන සවස් කාලය ඉතුරු කරගන්න පුළුවන්.
2025 දී daylight saving ආරම්භ වන්නේ කවදාද?
ඔක්තෝබර් 5 වන දින අලුයම 2 ට තමයි මේ daylight saving එක ආරම්භ වුණේ.
ඒ කියන්නේ ඔක්තෝබර් 5 වන දා අලුයම 2 ට ඔයාගේ ඔරලෝසුව 3am AEDT (Australian Eastern Daylight Time) දක්වා ඉදිරියට පනිනවා.
ඔරලෝසු ඉදිරියට යනවාද නැත්නම් පසුපසට යනවාද?
ඔරලෝසු පැයකින් ඉදිරියට තමයි යන්නේ. ඒ කියන්නේ අලුයම 2ට ඔයාගේ ඔරලෝසුවේ වේලාව අලුයම 3 කරන්න ඕනේ.
Smart phones, computers, සහ TV වැනි තාක්ෂණයට සම්බන්ධ බොහෝ ඔරලෝසු ස්වයංක්‍රීයව ඒවායේ අදාළ වේලාව වෙනස් කරගන්නවා.
නමුත් ඔයාගේ oven එකේ, microwave එකේ සහ ඇතැම් අත් සහ බිත්ති ඔරලෝසු වගේ analogue clocks බොහෝ විට අතින් සකස් කිරීමට සිදුවේවි.
Daylight saving සිදුකිරීමට ඇති states සහ territories මොනවාද?
ඕස්ට්‍රේලියාව තුළ ඔරලෝසු පැයකින් ඉදිරියට ගමන් කරන states සහ territories වන්නේ;
- Australian Capital Territory
- New South Wales
- South Australia
- Tasmania
- Victoria
ඉතින් ඔයත් මේ ප්‍රදේශ වලට අයිති වෙන කෙනෙක් නම්, ඔයා අනිවාර්යයෙන් මේ වෙනකොට ඔයාගේ time එක හදාගෙන තියෙන්නේ ඕනේ.
Norfolk දූපත daylight saving කාලයට මාරු වෙනවා. නමුත් Christmas දූපත සහ Cocos (Keeling) දූපත්වල එසේ වෙන්නේ නැහැ.
Northern Territory, Queensland, සහ Western Australia මේ daylight saving එකට අයිති වෙන්නේ නැහැ.
Daylight saving එක ඉවර වෙන්නේ කවදා ද?
2026 අප්‍රේල් 5 වන ඉරිදා අයෙමත් ඔරලෝසු 2am AEST (Australian Eastern Standard Time වෙත ආපසු හරවන විට daylight savingඑක අවසන් වෙනවා.