ඉන්දියානු සංස්කෘතියට ආදරය කරන ඔයාට විශේෂ උත්සවයක් තමයි මේ. ඒ තමයි ‘Victorian Festival of Diwali’.
20 වන වික්ටෝරියානු දීපවාලි උත්සවය එහි සාම්ප්‍රදායික නිවහන වන ෆෙඩ් චතුරශ්‍රයේදී සමරන්න, සහ ඉන්දියාවේ විචිත්‍රවත් සංස්කෘතික අසිරිය විඳගන්න ඔයාටත් අවස්තාව ලැබෙනවා.
සිකුරාදා ප්‍රධාන උත්සවය කීර්තිමත් ඉන්දියානු ගායන ශිල්පී මහර්ෂි පාණ්ඩ්‍යා විසින් අලංකාර කරනවා. මහර්ෂි සහ ඔහුගේ සංගීත කණ්ඩායම බොලිවුඩයේ ඇති දැවැන්ත ගීත නිර්මාණද සමගින් ප්‍රසංගය අලංකාර කිරීමට සූදානමින් සිටිනවා. Yarra වෙතින් රසවත් ඉන්දියානු street food රස බලන්නත් මෙහි යන ඔයාට පුළුවන්.
සෙනසුරාදා උත්සවය, ජන හා සම්භාව්‍ය නැටුම්, සජීවී සංගීත කණ්ඩායම්, යෝගා, බොලිවුඩ් නර්තන වැඩමුළුවක්, ළමා අත්කම්, මැජික් සංදර්ශනයක් සහ ශ්‍රී ලාංකික, භූතාන සහ වියට්නාම කලාකරුවන් සමඟ සහයෝගයෙන් පැවැත්වෙන රංගනයන්ගෙන් ද හැඩ වෙනවා.
උත්සවය අවසන් වන්නේ Yarra මත දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයකින් වන අතර, මෙල්බර්න් නගරය උත්සව වාතාවරණයකින් ආවරණය කිරීම සඳහා නගරයේ සුප්‍රසිද්ධම ගොඩනැගිලි විචිත්‍රවත් ආලෝකයන්ගෙන් සරසන්නත් සූදානම්.
Date & Times
Fri 10 Oct – 5.30 pm – 8 pm
Sat 11 Oct – 12 pm – 10 pm
Location
Fed Square
Swanston St & Flinders St
Melbourne 3000
Contact details
Tel: 0491 771 331
Email: info.diwali@celebrateindia.org.au
වැඩිදුර විස්තර දැනගන්න පිවිසෙන්න: celebrateindia.org.au