Halloween කිව්වම අද වෙනකොට ලොකු පොඩි කා අතරත් ප්‍රසිද්ධයි. හැබැයි ඔයා මේ Halloween සමරන හේතුව දැනගෙන හිටියද? මේ Halloween උත්සවයට අවුරුදු 1000කටත් වැඩි ඉතිහාසයක් තිබෙන බව නිකන්වත් හිතුවද?
ආගමික පසුබිමක් සහිතව ආගමික සැමරුමක් ලෙස ආරම්භ වූ මේ Halloween, සියවස් ගණනාවක් පුරා වෙනස් වෙමින් එහි ආගමික ආකෘතීන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා වඩාත් ලෞකික විනෝදකාමී උත්සවයක් බවට පත්වෙලා තිබෙනවා. අද වෙනකොට Halloween වල දකින්න ලැබෙන්නේ විව්ධාකරයට සැරසිලා රස කැවිලි ආදිය ලබාගන්න දොරින් දොරට යන කුඩා ළමුන් වගේම විවධ උත්සවයි.
හැලොවීන් උත්සවයේ මූලයන් නොවැම්බර් 1 වන දින Celtic ජනතාව විසින් සමරනු ලබන පුරාණ Samhain උත්සවය දක්වා දිව යනවා. එදින, ජීවත් වන අය සහ මළවුන් අතර වගේම මිනිසුන් සහ දෙවිවරුන් අතර සීමාවන් තුනී වන බව විශ්වාස කෙරුණා. දෙවිවරුන් තම මරණීය නමස්කාරකයන්ට උපක්‍රම යෙදූ අතර අද්භූත කථාංග බහුල වූ බැවින් මෙම අවස්ථාව භීතියෙන් පිරී තිබුණා.
මේ උත්සවයේදී මිනිසුන් විවිධ ඇඳුම් වලින් සැරසිලා ඉබාගාතේ යන ආත්මයන් සහ නපුරු ක්‍රියාවන් දුරු කිරීම සඳහා ගිනිදැල් දල්වා තිබෙනවා. එම අද්භූත චාරිත්‍ර නූතන හැලොවීන් උත්සවයට එහි සම්භාව්‍ය චරිත, මායාකාරියන්, අවතාර, goblins ආදී දේවල් එකතු කරන්න හේතු වෙලා තිබෙනවා.
සියවස් ගණනාවකට පස්සේ, ක්‍රිස්තියානි පල්ලි විසින් මේ Samhain උත්සවයට ඔවුන්ගේ සම්ප්‍රදායන් එකතු කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී, IV වන Boniface පාප් වහන්සේ මැයි 13 වන දින, සියලු සාන්තුවරයන්ගේ දිනය ශුද්ධ දිනයක් ලෙස නිර්මාණය කළා. සියවසකට පසු, III වන Gregory පාප් වහන්සේ එම නිවාඩු දිනය නොවැම්බර් 1 වන දිනට ගෙන ගිය අතර, එය මෙම මිථ්‍යාදෘෂ්ටික උත්සවය සඳහා ක්‍රිස්තියානි ආදේශකයක් ලෙසත් හඳුන්වනවා.
සාන්තුවරයන්ගේ සැමරුමට පෙර සන්ධ්‍යාව ‘All Hallows’ Eve’ ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර එය අවසානයේ හැලොවීන් ලෙස කෙටි වී තිබෙනවා.
මෙම Halloween නිවාඩු දිනය අයර්ලන්තයේ, එක්සත් රාජධානියේ සහ උතුරු ප්‍රංශයේ, Celtic ප්‍රදේශවල ආරම්භ වුණත්, එය අවසානයේ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත වුණා. 1800 ගණන් වන විට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන උත්සව බොහෝ හැලොවීන් ලක්‍ෂණ පෙන්නුම් කළ අතර, මහා අර්තාපල් සාගතයෙන් පැන ගිය අයර්ලන්ත සංක්‍රමණිකයන් අදටත් පැවත එන සිරිත් විරිත් රාශියක් ගෙන ඇවිත් තිබෙනවා. jack-o’-lanterns, එහෙමත් නැත්නම් අපි දකින වට්ටක්කා හැඩයේ ලන්තෑරුම් ඒ විදිහට ගෙන ආ අංගයක්.
ළමයින් විවිධ ඇඳුම් වලින් සැරසී අසල්වැසියන්ගෙන් සංග්‍රහ ඉල්ලා සිටින නූතන හැලොවීන් සම්ප්‍රදාය වෙන Trick-or-treating, 1900 ගණන්වල මුල් භාගයේදී ආරම්භ වුණා. එය “guising” ලෙස හැඳින්වෙන පැරණි අයර්ලන්ත සහ ස්කොට්ලන්ත චාරිත්‍රයකින් වර්ධනය වූ අතර, එහිදී පුද්ගලයෙකු ඇඳුම් ඇඳීම, විහිළුවක් පැවසීම, කවියක් කියවීම හෝ වෙනත් කුඩා උපක්‍රමයක් ඉදිරිපත් කිරීම සහ ඒ වෙනුවට සංග්‍රහයක් ලබා ගැනීම සිදු වෙනවා.
සියවසේ මැද භාගය වන විට, Trick-or-treating සම්ප්‍රදාය ගෙයින් ගෙට යන චාරිත්‍රයක් බවට පරිණාමය වූ අතර එය දැන් එක්සත් ජනපදයේ සෑම වසරකම ඩොලර් බිලියන ගණනක candy අලෙවියට හේතු වී තිබෙනවා.
ලෝකයේ සෙසු රටවල් වගේම, ඕස්ට්‍රේලියාවේත් ඔක්තෝබර් 31 වන දින Halloween සමරනවා. නමුත් Trick-or-treating වැනි සම්ප්‍රදායන් ඔස්ට්‍රේලියාවේදී දේශීය වෙනස්කම් සහිතව බොහෝ දුරට දිවා කාලයේ සිදු වන අතර මීට සහභාගී වන නිවාස ඔවුන්ගේ තැපැල් පෙට්ටිවලට තැඹිලි පාට බැලූන් බෝලයක් ගැටගහලා පිළිගැනීමේ සංඥාවක් ලබා දෙනවා.
ඉතින් මේ Halloween දවසේ ඔයත් කැමතිනම් පුංචි බබාලට candy දෙන්න ඔයාටත් පුළුවන් තැඹිලි පාට බැලුමක් ගැටගහලා candy ගොඩක් ලෑස්ති කරලා තියාගන්න.
 
													 
													 
													 
													 
													