මොකක්ද මේ ජාතිය නවත්වන තරඟය?

  • Home
  • /
  • Blog
  • /
  • මොකක්ද මේ ජාතිය නවත්වන තරඟය?

මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන දෙයක් තමයි Melbourne Cup. විශේෂයෙන්ම Melbourne නගරය සහ අවට යට මේක තවත් විශේෂයි. මොකක්ද මේ Melbourne Cup එක මේ තරමටම වැදගත් වෙන්න හේතුව?Melbourne Cup කියන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල Flemington Racecourse එකේදී වාර්ෂිකව පැවැත්වෙන Group 1 Thoroughbred horse race එකක්. 

මෙය handicap race එකක්. ඒ කියන්නේ තරඟය අතරතුර අශ්වයන් රැගෙන යා යුතු බර ඔවුන්ගේ වයසට සාපේක්ෂව සකස් කරනවා. මේ තරඟය වයස අවුරුදු 3 සහ ඊට වැඩි අශ්වයන් සඳහායි. තරඟය සැතපුම් 1.99 ක් එහෙමත් නැත්නම් 3,200m ක දුරක් පවත්වනවා. මේක සාම්ප්‍රදායික සැතපුම් 2ක දුරින් තරමක් කෙටි වෙලා සැතපුම් 1.99 ක් බවට පත් වෙලා තිබෙන්නේ 1972 දී ඕස්ට්‍රේලියාව මෙට්‍රික් ක්‍රමය අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට.

මේත් සමග දුර 18.688m (අඩි 61 අඟල් 3 3⁄4) කින් අඩු කරන ලද අතර, ඒත් සමග Rain Lover ගේ 1968 ධාවන වාර්තාව වන 3:19.1, 3:17.9 ක් ලෙස සකස් කර තිබෙනවා. වත්මන් වාර්තාව දරන්නා වන්නේ 1990 ජයග්‍රාහකයා වන Kingston Rule වන අතර එය සටහන් වන්නේ 3:16.3 ක කාලයක් ලෙසයි.

මේක ලෝකේ පැවැත්වෙන ධනවත්ම සැතපුම් දෙකක handicap එකක් වෙනවා වගේම ධනවත්ම turf races වලින් එකක්. මෙම තරඟ ඉසව්ව නොවැම්බර් 1වන අඟහරුවාදා සවස 3:00 ට ආරම්භ වන අතර එය මෙරට තුළ හඳුන්වන්නේ ‘the race that stops the nation’ (ජාතිය නවත්වන තරඟය) ලෙසයි.

Melbourne Cup එක 1861 සිට සෑම වසරකම පැවැත්වෙන වන මෙල්බර්න් සහ ඕස්ට්‍රේලියානු සංස්කෘතියේ කොටසක් ලෙස තහවුරු වී හමාරයි. ඒ නිසාම මේ තරඟය පැවැත්වෙන දිනය 1876 සිටම වික්ටෝරියාවේ බොහෝ ප්‍රදේශ සඳහා ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වෙනවා. 

මේ ලොවක් බලා සිටින දැවැන්ත තරඟයේ දී අශ්වයන් 24 ඩොලර් මිලියන 10ක ත්‍යාග මුදලක් දිනා ගැනීමට තරංග වැදීමට නියමිතයි.

ඉතින් මේ නොවැම්බර් 4 වන දා (හෙට) Flemington හිදී AEDT ප.ව. 3 ට පැවැත්වෙනවා.

ඉතින් මේ සඳහා උනන්දුවක් දක්වන ඔයාට එක එක ප්‍රාන්ත සඳහා වන වේලාවන් පහතින් දක්වලා තිබෙනවා.

  • Victoria, NSW, Tasmania (AEDT): 3pm
  • South Australia (ACDT): 2.30pm
  • Queensland (AEST): 2pm
  • Northern Territory (ACST): 1.30pm
  • Western Australia (AWST): 12pm

මේ තරඟය Channel 9, 9 Now, Tabcorp හි Sky Racing channel සහ TAB app එක හරහා නරඹන්න අවස්තාව තිබෙනවා.

මේ සඳහා වන ත්‍යාග මුදල් දක්වා තිබෙන්නේ මේ ආකාරයටයි;

  • 1st place – $4.5 million
  • 2nd place – $1.1 million
  • 3rd place – $560,000
  • 4th place – $360,000
  • 5th place – $240,000
  • 6th-12th – $160,000
  • 13th-24th – $100,000

පිරිනැමෙන ත්‍යාග මුදලට අමතරව, ජයග්‍රාහකයා සඳහා ඩොලර් 250,000ක් වටිනා කැරට් 18 ඝන රන් කුසලානයක් ද ලැබෙනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025